හේමලතා ඩී හේවගේ
කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් වෑන්රථයක ගැටීමෙන් හිමි නමක සහ පුද්ගලයකු තුවාල ලැබූ අතර හිමිනම අද(13) අපවත් වී ඇති බව පන්නල පොලිසිය කියයි.
එම හිමි නම සඳලංකාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මීගමුව මූලික රෝහලට මාරු කර යවා තිබූ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත.
අපවත්වී ඇත්තේ කටාන කළුආරිප්පුව ශ්‍රී ආනන්දාරාම විහාරවාසීව වැඩ සිටි මාන්පුරියේ උපාලි නැමති 22 හැවිරිදි හිමිනමකි.
අනතුරෙන් තුවාල ලැබූ 19 හැවිරිදි තරුණයා ද සඳලංකාව දිසා රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධියෙන් සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd