(ඔගස්ටින් ප්රනාන්දු)
මාදම්පේ කුරුණෑගල මාර්ගයේ සුදුවැල්ල ප්රදේශයේදී සිදුවු රිය අනතුරකින් බරපතල තුවාල ලබා හලාවත දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කළ ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු මිය ගොස් ඇතැයි මාදම්පේ පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ මාදම්පේ සුදුවැල්ල පැලවත්ත ප්රදේශයේ විසූ හලාවත ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්රී නුවන් මෙන්ඩිස් මහතාය.
ඒ මහතා ඊයේ රාත්රියේ මාදම්පේ සිට සිය යතුරු පැදියෙන් සුදුවැල්ල පැලවත්ත සිය නිවස බලා කුලියාපිටිය මාර්ගය ඔස්සේ පැමිණෙමින් සිටියදී කුඩා ලොරි රථයක ගැටී අනතුරට ලක්ව ඇති බවත්
රෝහල් ගත කළ අවස්ථාවේ ඔහු මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි.
ලොරි රථ රියදුරු පොලිස් අත්අඩංගුවේ පසුවේ.
මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට වත් මේ දේශපාලුවන් එක එක්කෙනාගෙන් නිදහස් වෙන්න ලැබෙනවා නම් ලොකු දෙයක් . දැන් ඉතින් ලයිස්තුවේ ඊළඟට ඉන්න පොහොට්ටු නියෝජියා ඒ වෙනුවට ගම රට උලා කන රාජකාරිය පටන් ගනීවි.
රිය අනතුරක් උනාම ප්රා.සභා මන්ත්රී කියා බේරුමක් නැහැ ........
අනේ පව් කීවොත් නම් හරි. එ්ත් මට එහෙම කියන්න බැහැ.
දැන් මේ ලොරියේ ඩ්රයිවර්ට ඇප ලැබෙන්නේ නැද්ද? නඩුව අහන්න උසාවි වහන්නේ නැද්ද?
සමස්තයක් ලෙස දේශපාලකයන් කෙරෙහි ඇති කලකිරීම මොනවට පෙනේ...