IMG-LOGO

රඹුක්කන නාය යාමකින් තිදෙනෙක් මරුට

(පී.ශාන්ත බණ්ඩාර සහ නයෝමි දිල්රුක්ෂි)

රඹුක්කන උඩගලදෙණිය ප්‍රදේශයේ නාය යෑමකින් තිදෙනකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මරණයට පත්ව ඇත්තේ උඩගලදෙනිය මව සුරංගනි ලක්ෂිකා (36) දුව කසුනි මාරසිංහ( 08)  පවුලේ ඥාති දියණිය වන මධුශිකා (13) යන තිදෙනා බව අනාවරණය වී තිබේ.

පියා බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පස් කන්දක් නිවෙස මතට කඩා වැටීමන් මෙම අනතුර සිදුව තිබේ. මේ වන විට රඹුක්කන ඇතුළු ප්‍රදේශවලට දැඩ වර්ෂාවක් ඇද හැළෙමින් පවතින බව ද වර්තා වෙයි.

අධික වර්ෂාවත් සමග මෙම නාය යෑම සිදුව ඇත. යුද හමුදාව සහ සහන කණ්ඩායම් මේ වන විට එම ස්ථානයට ළඟා වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

 

 



අදහස් (4)

රඹුක්කන නාය යාමකින් තිදෙනෙක් මරුට

දිමුත් Tuesday, 09 November 2021 09:34 AM

පව් දෙයියනේ! අහිංසක මිනිස්සුන්ට තමයි ඔක්කොම හෙණ.

:       0       14

sujeewa edirisnghe Tuesday, 09 November 2021 09:43 AM

දළඳා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ අකල් වැස්ස අඩු වේවා

:       0       16

SL Tuesday, 09 November 2021 10:06 AM

ලංකාවේ ජන ඝනත්වය හොඳටම වැඩියි, එන්න එන්න පර්චස් 10-5 කෑලි වල , කඳු බෑවුම් වල ගෙවල් හදන ඒවා වැඩි වෙනවා. කඳු කර ප්‍රදේශ වල පොඩි බිම් කඩවල ගෙවල් හදනවා කියන්නෙම මේ වගේ අවදානම් වැඩි වෙනවා කියන එක ලංකාවේ පවුලකට සිටියයුතු දරුවන් ප්‍රමාණය සීමා කල යුතුමයි. ලංකාවට ගැලපෙන්නේ මිලියන 10-12 අතර ජනගහනයක් ,නැතිනම් වෙන්නේ කැලා එළිවෙන එක, සහ මෙවැනි ආපදා වලින් විශාල විපත් වලට මුහුණ දෙන්න සිදුවෙන එක. මුළු පාර්ලිමේන්තුවම මේ ගැන තීරණයකට ආයුතුයි !!

:       0       0

සරත් Tuesday, 09 November 2021 12:16 PM

ජනතාවගෙ බෙල්ල මිරිකන්න බලාගෙන ඉන්න පාලකයො ඉද්දි රටවල් වලට මෙහෙම විපත් සිද්ද්ද වෙනවා, මියගිය අයට මෙවන් අකල් මරණ මතු සිදු නොවේවා, මේවගේ කෘර පාලකයන් සිටින රටවල නොඉපදේවා

:       11       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 434 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site