
(එම්.ආර්. ප්‍රියශාන්ත)
රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්ධිරයේ තිබූ ඓතිහාසිකමය වැදගත්කමකින් යුතු රන් සහ පළිඟු කරඬු අටක් අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි රඹුක්කන පොලිසිය සඳහන් කරයි.
රන් කරඩු පහක් සහ පළිඟු කරඬු තුනක් මෙසේ අතරුදහන්ව ඇත. ඒවා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ විශේෂ මංජුසාවක තැන්පත් කර තිබූ බවත් ඒවා බිඳ රන් කරඬු 5ක් හා සහ පළිඟු කරඬු තුනක් සොරා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම සොරකම සිදුවන දින විහාරාධිපති හිමියන් පුණ්‍ය කටයුත්තක් සඳහා පිටතට වැඩම කර සිටි බවද කොටවෙහෙර විහාරස්ථානයේ වැඩ වාසි කිවුල්පනේ පඤ්ඤාවංස හිමියෝ පැවැසූහ.
විහාරස්ථානයේ සවිකර ආරක්ෂිත කැමරා පද්ධතියද මෙයට මාස දෙක තුනකට පමණ පෙර සිට අක්‍රිය වී තිබූ බවද උන්වහන්සේ පැවසීය.
මෙම ධාතු කරඬු හා පළිඟු 1956 සහ 2000 වසර වල දැලිවල කොටවෙහෙරේ කළ කැණීම් කටයුතුවලින් සොයා ගත් ඒවා බවද උන් වහන්සේගේ පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ කරඬු ධාතු නැතිව දැන් කොහොමද පන්සලේ හාමුදුරුවෝ නිවන් අවබෝධ කර ගන්නේ? බුදුන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ හැමතැනම කියලා තියෙනවනේ ධාතු වන්දනාව කරඬු වන්දනාව කරපු තරමට තමයි නිවන් අවබෝධ වෙන්නේ කියලා..!
කොරෝනා දෙවෙනි රැල්ල කාලයේ ගම්පහ පැත්තේ පන්සලකට බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දෙනමක් සහ රහතන් වහන්සේලා 22 නමකගෙන් දෙක බැගින් ධාතුන් වහන්සේලා 44 ක් වැඩම කරවූවා. ඇත්තටම එපමණ ධාතූන් වහන්සේලා හම්බ වෙන්නේ කොහෙන්ද? ඉන්පසු දෙමහල් ධාතු මන්දිරය හදන්න. එම ධාතු තැන්පත් කරන්න කරඬුවක් හදන්න.. දළදා මන්දිරයේ පරිදි තේවාව සහ ව්‍යාංජන පූජා කිරීම වෙනුවෙන් මුදල් එක්කහු කිරීම ආරම්භවුණා. කුඩා ගමක් වූ ඒ ගමේ බෞද්ධයින්ට එම ක්‍රියාව මහත් බරපැනක් වුණා. මෙවැනි දේ ගැන බුද්ධ ශාසන අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට වඩා අවධානයක් යොමු කරන්න ඕනෑ නේද?