
( ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ සහ සුදත් එස්. කුමාරසිරි)
පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් නුවරඑළිය- ගම්පොල මාර්ගයේ රම්බොඩ උමං මාර්ගය අසල කොටසක් අද (27) නායයෑමට ලක්විය.
උමං මාර්ගයට ගම්පොල දෙසින් ඇති පිවිසුම ආසන්නයේම මෙම නායයෑම සිදුව ඇති අතර, ඉහළ කඳු ප්‍රදේශය සිට මඩ සහිත ජල පහරක් උමං පිවිසුම ආසන්නයට කඩා වැටෙමින් පවතී.
නුවරඑළිය- ගම්පොල මාර්ගය තවලන්තැන්න ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
නුවරඑළිය- ගම්පොල මාර්ගය වෙනුවට වෙනත් සුදුසු විකල්ප මාර්ග භාවිතා කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බව කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd