(දයාසීලි ලියනගේ)
රටේ අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක් රබර් ආනයනය කිරීම නිසා මෙරට රබර් මිල පහත බැස ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
වර්ෂ 2017 දී රටේ අවශ්‍යතාවයට වඩා රබර් මෙට්‍රික් ටොන් 16000 ද 2018 දී අවශ්‍යතාවයට වඩා රබර් මෙට්‍රික් ටොන් 13000 ද 2019 දී 12000 ද 2020 දී මෙට්‍රික් ටොන් 14000 ද 2021 දී මෙට්‍රික් ටොන් 25000 ද මේ වසරට මෙට්‍රික් ටොන් 10000 ද වැඩිපුර ආනයන කර ඇති බව රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
රටේ අපනයන කර්මාන්තය අතිශයින් වැදගත් වන නිසා මින් ඉදිරියට රටේ අවශ්‍යතාවයට පමණක් රබර් ආනයනය කිරිම සඳහා අවශ්‍ය නියාමනය කිරීමට කමිටුවක් පත්කර බවට ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා මෙදා තුර පත්කරන ලද කමිටු වලින් නිසි ප්‍රතිඵල ලැබුණු කමිටු ගණන සොයා බලා පළකරන්නකො.
ඇත්තටම මේරටේ පාලකයන්ට මොළයක් කියලා එකක් නැද්ද .නැත්නම් මෙරට වගා කලහැකි රබර් ගේන්න දෙන්නෙ ඇයි.රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව කුමටද කර්මාන්ත කරන්න ඕන නම් රබර් වගාව දිරිගැන්වීම සදහා වැවිලි ඇමතිවරයා කටයුතු කරන්න ඕන.කිසිම ජාතික සැලසුමක් නැතුව කරන්නන් වාලේ වැඩ කරනවා කියනදේ අහන වගාකරුවන් හා කම්කරුවන් ඉතාමත් අපහසුතාවට පත්වෙනවා මෙහෙම ක්‍රියාවන් තමයි මැණික් ගලක් උඩට වෙලා ගෝනියක් දමාගෙන නිදාගන්නවා කියන්නෙ රට මෙතරම් ප්‍රපාතයකට ගියෙත් මෙහෙම වැඩ නිසා තමයි
රබර් ආනයනය සම්පූර්ණයෙන් ම තහනම් කළ යුතුයි. යම් කර්මාන්තයකට යම් කොටසක් අවශ්‍ය වන්නෙ නම් එම කොටස් මෙරටෙහි නිෂ්පාදනය කිරීමට පියවර ගත් යුතුයි.
අපි කලින් හිතුවෙ වැවිලි කර්මාන්ත ඇමතිට හොඳ මොලයක් තිබෙනව කියා. අපි දැන් මාස ගනනකින් රබුර් කිරි කැපුවෙ නැහැ මිල පහත බැස ඇති නිසා. අත්‍යාවශ්‍යය ඖෂධ ගේන්වන්නවත් විදේශ විනිමය නැති මේවෙලාවෙ රබර් කිරි පිටින් ගෙන්විම වහාම නතර කරන්න. පොල් තෙල් නිෂ්පාදනයෙනුත් වරින් වර දොස්පවරනව පිට රටින් පොල් තෙල් ගෙන්වනව තම කර්මාන්තවලට මරු පහරක් . විපක්ශයටත් මේව පෙනෙන්නෙ නැද්ද?.
හැමදාම කියවනවා විතරයි... මේ කාලවල ආණ්ඩු කළේ විපක්ෂයද? ඔයාලම නේද?
ඔය 2017, 2019, 2020 වැඩිපුර ගෙනාපු ඒවා ගැන දන්නේ නෑ. මිල අඩුවෙන්න පටන් ගත්තේ රනිල්ට බලය ලැබුණාම... අවධානයෙන් බැලුවොත් රනිල් බලයට ආපු ගමන් තමයි රබර් මිල පහත යන්නේ. පසුගිය විස්තර අරන් බලන්න. රනිල් එක්ක ජාවාරම් කාරයෝ එනවා.. රනිල් දේශීය වගා කාරයින්ට හෙන ගැහුවත් මොකෝ කියලා ජාවාරම් කාරයින්ට ඉඩ දෙනවා කියලා තමයි අපිට හිතාගන්න තියෙන්නේ....!