IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රූපවාහිනියේ ලයිට් කපයි

(රංජන් කස්තුරි සහ කීර්ති ප්‍රනාන්දු)

ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් ලක්ෂ 70ක පමණ  විදුලි බිලක් නොගෙවීම නිසා රූපවාහිනි සංස්ථාවට ලබාදී තිබූ විදුලි සැපයුම අද දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කළේය.

ජාතික රූපවාහිනී සංස්ථාවේ විදුලිය විසන්ධිවීමත් සමග ජාතික රූපවාහිනිය ඇතුළු නාලිකා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මහත් ගටළු සහගත තත්ත්යක් මතු වූ අතර විදුලි ජනක ආධාරයෙන් විකාශය කිරීමට එහි බලධාරීන් පියවර ගෙන තිබිණි.

ජාතික රූපවාහිනිය සංස්ථාව මාසගණනාවක් තිස්සේ විදුලිය බිල්පත් ගෙවීම පැහැරහැර තිබූ අතර රුපියල් ලක්ෂ 90ක පමණ හිඟ බිල්පත් ගෙවීමට නියමිතව තිබූ අතර පසුව රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් ගෙවා තිබූ බව ද පැවැසේ 



අදහස් (5)

රූපවාහිනියේ ලයිට් කපයි

nalin Monday, 17 October 2022 08:43 PM

ඕකට කියන්නෙ කිසි වැඩක් හරියට බැරි මඩ කරියොන්ට සභාපති කම් දීපුවම අනාගන්න වෙනව කියලා.

:       0       4

Bamunuarachchi Tuesday, 18 October 2022 07:12 AM

නියමයි, මොකද මේවගෙන් ලැබෙන අදායමට කරන්නේ.

:       1       8

Dewa Tuesday, 18 October 2022 08:02 AM

තව තවත් ආණ්ඩුවට කඩේ යන්න.

:       0       5

BamunuarachchiTuesday, 18 October 2022 06:43 PM

ආණ්ඩුවට කඩේ යන්න දෙයක් නැහැ රුපවාහිනිය ආණ්ඩුවේ.

:       0       0

Ranjan Tuesday, 18 October 2022 01:22 PM

මේ ආකාරයට තරාතිරම නොබලා විදුලි බිල් නොගෙවා තිබෙන සියලු දෙනාටම මේ ක්‍රියා මාර්ගය ගන්න ඕනේ අසරණා මහා ජනතාව වෙත මේ අයගේ බර නොපටවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site