
(ජේ .ඉඳුරුවගේ)
රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
2028 ඔක්තෝම්බර් 15 දා කල්පිරෙන "ඒ " කාණ්ඩයට අයත් රුපියල් මිලියන 80,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර , 2031 මාර්තු 15 දා කල් පිරෙන "ඒ" කාණ්ඩයේ රුපියල් මිලියන 75,000 ක භාණ්ඩාගාර බැඳුම්කර සහ 2033 නොවැම්බර් 01 දා කල් පිරෙන " බී" කාණ්ඩයේ රුපියල් මිලියන 50,000 ක භාණ්ඩාගාර බැඳුම්කර මෙහිදී නිකුත් කරන බව මහ බැංකුව කියයි.
මේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සඳහා වූ ගෙවීම් කටයුතු දෙසැම්බර් 02 සිදුකරණ බව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහබැංකුවේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය.