හර්ෂණ තුෂාර සිල්වා
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (5) නැවත වරක් අවප්‍රමාණය විය.
මේ අනුව පසුගිය සිකුරාදා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 175.82ක් ලෙස දැක්වුණු ශ්‍රී ලංකා රුපියල අද (5) 176.05ක් දක්වා අවප්‍රමාණය විය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (5) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.05ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 172.16ක් ලෙසත් දැක්විණි.
ඉතිහාසයේ පළමු වරට පසුගිය සතියේ (1) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 177 සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා රුපියල එතරම් පහළ අගයට වැටුණු පළමු අවස්ථාව එය විය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 12.4කින් අවප්‍රමාණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද අර සුළගක් ඇවිත් ශක්තිමත් වුණු එකට හිටිහැටියේම වුණේ..
කෝ මේ බන්දුල ගුනවර්ධන මහත්තයා? ඇයි දැන් මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ නැත්තේ?
මේක පහළ යන එක නවතන්න කවුරු ආවත් බැරි වෙන පාටයි..
කෝ මේ අචාර්ය බන්දුල! කයිවාරු විතරයි වැඩ බෑ. ඉස්සර යූ එන් පී ඉන්නකොට කෙස් පැලෙන තර්ක ගෙනාවේ. පස්සේ මහින්ද අාර්ථිකේ කරන්න කියලා දුන්නාම, ඔක්කොම විනාශ කළා. අදත් ඉතින් ඔච්චර තමයි !
"ජන මහිමය"
සහනාධාර මත යැපෙන ජනතාව තව තවත් වැඩිවේවා!!!
ලංකාවට මොනවා වෙයිද දන්නෙ නෑ..?
දැන් අර කවුද කිව්වා නේද රුපියල ඉහලටම නගිනවා, හැමෝටම ඩොලර් අරන් එන්න කියලා. කෝ ඒ කියපු කෙනා?
මට අහන්න තියෙන්නේ දැන් සැපද ?
රුපියල ශක්තිමත් වෙන්න, රටේ විදේශ අදායම් වැඩි වෙන්න ඕන, කෝ 80 දශකයෙන් පස්සේ මොන නායකයාද ආදායම් ලැබෙන ආයෝජනයක් රටේ කරේ, මොන විවේචන තිබුනත් ප්‍රේමදාස රටේ ආර්ථිකයට හදුන්වාදුන් ඇඟලුම් කර්මාන්තය නොතිබෙන්න, රටේ තත්වය බලාගන්න තිබුනා, ඒ වගේම හොඳ ආර්ථික ප්‍රතිපතියක් තියන මනුස්සයෙක් පේනතෙක් මානයකවත් නෑ. ඔක්කොම කරන්නේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න පුළුවන් දේවල් විතරයි.