(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (22) නැවත වරක් 199 සීමාව ඉක්මවා පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (22) රුපියල් 199.18ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 194.31ක් ලෙසත් දැක්විණි.
මීට පෙර අවස්ථා දෙකක දී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 199 ඉක්මවා පහළ ගියේ ය.
ඉකුත් වසරේ අප්‍රේල් 6 වැනි දා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 199.40ක් දක්වාත් අප්‍රේල් 8 වැනිදා 200.46ක් ලෙසත් එලෙස පහළ ගියේ ය.
මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල සියයට 3.7කින් අවප්‍රමාණය වී තිබේ. ඊට අමතරව ස්ටර්ලිං පවුමකට සාපේක්ෂව සියයට 3.5කින් ද යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 2.1කින් ද ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 3.0කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 3.8කින් අවප්‍රමාණය වී තිබේ.
ඊට අමතරව පසුගිය වසර අවසානයේදී දළ විදෙස් නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් ලෙස දැක්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියතුන්ගේ වැඩ කොහොමද? දැන් සැපද...?
අපේ ආචාර්ය බන්දුල උන්නැහේ මොකද කතා නැත්තේ?
ශ්‍රී ලංකා මහබැංකුවේ සිටින උගත්, බුද්ධිමත් බොහෝ අත්දැකීම් සහ පළපුරුදු ඇති ආර්ථික විද්‍යාඥයන් ගේ හැකියාව පිළිබඳව මගේ කිසිම ප්‍රශ්නයක් නැත. ඒ අයට පින්සිදුවෙන්න තමයි මේ තරමින්වත් මේ කසිකබල් ආර්ථිකය ඇදගෙන ඇවිත් තියෙන්නේ. අද යුරෝ එකක් රුපියල් 240 යි. හිටපු ජනාධිපති ට්‍රම්ප් තනතුරෙන් ඉවත්වුණු වහාම ඩොලරය බොහෝ ශක්තිමත් වුණා. මහ බැංකුවේ ආර්ථික විශේෂඥයින්ට රුපියල වැටීමෙන් නවත්වාගන්න අවශ්‍ය නම් ඔවුන් විසින් පවතින රජයට කළහැකි නිර්දේශ 2යි මම දකින්නේ. ඒ වගේම ඒ අය ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා කියන බන්දුල ගුණවර්ධනගේවත්, කබ්රාල්ගේවත් මෝඩ උපදෙස් පිළිපැදීමෙන් වැළකිය යුතුයි. 1. හොර, දූෂිත දේශපාලුවන් විසින් පිටරටවල සඟවා ඇති ඩොලර් කෝටිගණන් වන කළු සල්ලි, නීත්‍යානුකූල ලෙස මේ රටට ගෙනායුතුය. ඒ විදේශ විනිමය අපේ ආර්ථික පද්ධතියට "ඉන්ජෙක්ට්" කළයුතුයි. හොර දේශපාලුවන් එය කවදාවත් කරන්නේ නැත. මොකද නීතිමය ප්‍රශ්න නිසා. 2. ජනාධිපතිත්, රජයත් වහාම ඉල්ලා අස්වී නව මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීම. මෙය සිදුවූ වහාම රුපියල වැටීම නවතිනවා. අඩුම වශයෙන් දැන් තිබෙන තත්වයෙන්වත් පවතිනවා. පත්වන නව රජයේ ආර්ථික දැක්ම මත රුපියලේ ඉරණම විසඳේවි.
ගිය සැරේ නම් ටීවී නාලිකා 2ක් පැයෙන් පැය බ්‍රේකින් නිව්ස් වගේ මතකයි.
ආනයන මෙපමණ අඩුකරලත්, ලෝක තෙල් මිල අඩුවෙලත් මෙහෙම නම්, අනාගතය සිතාගන්නකෝ...!!!
පොකට්, පර්ස් කුණු ගොඩට විසි කරලා. ෂොපින් කරන්න සල්ලි දාගෙන යන්න විශාල බෑග් හෝ පන් මලු දැන්මම ලැහැස්ති කර ගත්තොත් හොඳයි. නැත්නම් ඉතින් නුදුරු අනාගතයේදී පන් මල්ලක් මිලදී ගන්න පන් මලු දෙකකවත් මුදල් රැගෙන යන්න සිදුවෙයි. කට්ටිය දඟලන කොට මම නම් මේ තීරයේම ලිව්වා "සිම්බාබ්වේ" රට ගැන. හොඳ වැඩේ. ඔය පටන් ගත්තා විතරයි...
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවම වශයෙන් රුපියල් 500 ක් වත් විය යුතුය. එවිට සියලු ඉම්පෝට්ස් නවතා දැමීමට සිදුවන අතර රටතුළ ඒ සියල්ලම නිෂ්පාදනය කරගෙන රට දියුණුව කරා ගමන් කරනු ඇත. මේය රටේම වාසනාවට සිදුවන දෙයකි..
මිස්ටර් පැනික් හා නඩය විසින් අපේ රට ඉතා ළඟදීම සිම්බාබ්වේ තත්වයට පත්කරනු ඇත.
සර්ගේ ළඟින්ම ඉන්නේ ලොකු හොරෙක්... දැන් සැපද ලක්ෂ 69ට...?
කෝ මේ වැඩකාරයෝ... ?
රුපියල විතරද පල්ලම් බහින්නේ? ඇයි අපි..?