
(යොහාන් භාසුර)
රුපියල් කෝටියකට ආසන්න වටිනාමකින් යුත් ‘කුෂ්’ ගංජා සහ ‘එක්ටසී’ නැමැති මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාර්සල් පහක තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු යැයි සැක පිට පාර්සල් පහක් පරීක්ෂා කිරීමේදී බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ කැනඩාව යන රටවල්වලින් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල ව්‍යාජ ලිපිනයන් මෙම පාර්සල් එවා තිබූ බවත් එම පාර්සල් තුළ ‘කුෂ්’ නැමැති ගංජා ග්‍රෑම් 472 ක් සහ ‘එක්ටසී’ නැමැති මත්පෙති 302 පෞද්ගලික භාණ්ඩ තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ බවත් රේගුව කියයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කරන පරීක්ෂණ අවසානයේ එම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිත බව ද රේගුව පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd