(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඩුබායි රටේ සැඟව සිටින ජූඩ් නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙරටට බෝට්ටු මගින් එවන ලද බව කියන රුපියල් කෝටි 300 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝඩරගම මහතා පැවසීය.
ඒ සමගම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් හතර දෙනෙක් මාරවිල තොඩුවාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් මත්කුඩු කිලෝ 100 හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් ඒවා ප්‍රවාහනය සඳහා යොදා ගත් වෑන් රථයක් මෝටර් රථ දෙකක් සහ ට්‍රක් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි රාජයේ රැදී සිටින ප්‍රධාන පෙලේ ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් එවන ලද මත් ද්‍රව්‍ය තොගයක් බව සුරා බදු දෙපාර්ත්තුමේන්තුව වැඩි දුරටත් පවසයි. සුරාබදු දෙපාර්ත්තුමේන්තුව පවසන්නේ මෑත ඉතිහාසයේ තම දෙපාර්තමේන්තුව මගින් සිදු කල විශාලතම වැටලීම මෙය බවයි.
මසකට ආසන්න කාලයක් සුරාබදු නිලධාරින් හා සුරාබදු බුද්ධි අංශය දැවැන්ත මෙහෙවුමකින් පසුව මෙම වැටලීම කර ඇති අතර, මෙම මත් ද්‍රව්‍ය තොගය ශ්‍රී ලාංකික මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් සූක්ෂම ලෙස ප්‍රවාහනය කිරීමට කටයුතු කර තිබියදී අත්අඩංගුවට ගත් බව කියයි.
මත් ද්‍රව්‍ය තොගය මාරවිල දකුණු තොඩුවාවේ සිට සූක්ෂම ආකාරයෙන් දොඹකර ලොරි රථයක පටවන ලද විදුලි ජනක යන්ත්‍රයක රහසිතග ආකාරයෙන් සගවා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී සුරාබදු නිලධාරින් හා නාවික හමුදා බුද්ධි නිලධාරින් විසින් අද (6 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. දොඹකරය සහිත ලොරි රථයද, විදුලි ජනක යන්ත්‍රයක් සහ සුඛෝපභෝගි මෝටර් රථ දෙකක් හා වෑන් රථයක් අත්අඩංගුවට ගත් බව සුරාබදු නිළධාරින් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගනේමුල්ල හා දෙමටගොඩ පදිංචි ප්‍රධනා පෙලේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට මේ වන විට සනාථ කර ගෙන තිබේ.


ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම කුඩු කාරයා ගැන දන්නවා නම් ඒ රට කියල අත්අඩංගුවට ගන්න පුළුවන්නේ. නිසැකයෙන්ම මේකටත් ඉහළ පෙලේ දේශපාලකයෙකුගේ ආශීර්වාදය ඇති. මේ කුඩු ටික වෙනත් කෙනෙකුගේ මාර්ගයෙන් අපේ රටේ විකුණන්නත් පුළුවන්. ලංකාව එහෙව් රටක් කරලා ඉවරයි මේ අය...
බමුණුආරච්චි මහත්තයා වැරදියට ගන්න එපා. 2019 නොවැම්බර් වලට කලින් මූලික වශයෙන් විශාල පරිමාණ මත්ද්‍රව්‍ය ඇල්ලුවේ රටට ඇතුල් වෙනකොටම සහ ගැඹුරු මුහුදේ (ඇමරිකානු ඔත්තු සේවා මැදිහත් වීම මත). දැන් මහත්තයෝ අල්ලන්නේ රට අභ්‍යන්තරයේ (හුඟක් වෙලාවට මෙහෙම වෙන්නේ විරුද්ධවාදීන් විසින් ඔත්තු දීපු හින්දා). ඒ කියන්නේ රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තාමත් තියෙනවා. මේවා අල්ලන්න එපා කියනවා නෙමෙයි හැබැයි අර මධූෂ් අවුරුදු එකහමාරක් ගිහින් දීපු ඔත්තුවකට කිලෝ 22ක් ඇල්ලුවා කියලා.. ඊට පස්සේ දවසේ උණ්ඩ 2ක් විතරක් පාවිච්චි වෙච්ච විශාල වෙඩි හුවමාරුවකින් මරණයට පත්වුණා. ඒබ්‍රහම් ලින්කන් මහතා කියලා තියෙනවා ඔබට ඕනෑම අවස්ථාවක සියලුම දෙනා රැවටිය හැක. එහෙත් සියල්ලන්ම සැමවිටම රැවටිය නොහැකිය කියලා.
එයාලගෙ බඩු එයාලම අල්ලනවා. නම් ගම් ඔක්කොමත් දන්නව නම් ඇයි ඔය කියන ජාවාරම්කාරයව අත්අඩංගුවට නොගන්නෙ? පම්පෝරි ගහද්දි නම් කියන්නෙ කේ.පී. ව කනෙන් ඇදගෙන ලංකාවට ගෙනාපු අය කියලනෙ...
හිතු මනාපෙ ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටත්වන හා ගොඩබිමට පැමිණෙන බෝට්ටු රෙගුව මගින් පරීක්ෂා කිරීමෙ ක්‍රම වෙදයක් සකස් කළ යුතුයි.
රේගුව අයින් කරලා හමුදාවට බාරදෙන්න.