(හර්ෂණ තුෂාර සිල්වා)
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ පළමු වරට අද (26) රුපියල් 183 සීමාව ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (26) නිකුත් කරන දෛනික විකුණුම් අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 183.17ක් වූ අතර ගැනුම් මිල 179.20ක් විය.
ඉකුත් පෙබරවාරි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වූ අතර නොවැම්බර් මස 28 වැනිදා පළමු වරට 182 සීමාව ඉක්මවා ගියේය.
නොවැම්බර් මාසයේදීත් දෙසැම්බර් මාසයේ මේ දක්වා කාලයේදීත් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 180ත් 182ත් අගයක පැවැතුණි.
ශ්‍රී ලංකා මහ බැංකු නිකුත් කළ දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල 15.5%කින් අවප්‍රමාණය වී ඇත. කෙසේ නමුත් මේ වසරේ මේ දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 18.2%කින් අවප්‍රමාණය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අර්බුදයෙන් පසු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.7%කින් අවප්‍රමාණය වී ඇත.
එම පත් කිරීමත් ඉන් පසු නැවත රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් දේශපාලන අර්බුදය නිමා වුවද දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් විදේශිකයන් සහ ආයෝජකයන් බැවින් බැඳුම්කර සහ කොටස් වෙළෙඳපොළවල්වලින් විදෙස් අරමුදල් ඉවත් කරගනිමින් සිටින බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ආයෝජන පිටතට ගලායෑම සහ ආනයන ගෙවීම් වෙනුවෙන් විනිමය වෙළෙඳපොළ තුළ පැවැති ඉල්ලුම යනාදි කරුණු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට වැඩි වශයෙන් බලපෑවේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධුල මොනවා හරි කියන්නකෝ...
මා සිතන්නේ මීට ප්‍රධාන හේතුව නම්, ගිය සතියේ සිදුවූ ඇමෙරිකානු පොලී අනුපාත ඉහළ දැමීමයි. දැන් අපේ රටේ ඒකාබද්ධයේ බෙරිගන් දෙන්නට පටන් ගනී. මේක වුනේ ආණ්ඩුවේ වැරැද්දෙන් කියලා..
මහත්වරුනි, අපි හැමදාමත් එහෙම නම් ඇමරිකාව දෙසම බලාගෙන ඉඳිමු. මේ අදහස් දාපු අය ඉන්නේ එහෙද? අපිට මේකෙන් ගොඩ ඒමක් නැද්ද? අහපු විදිහට රනිල් මහත්තයා මොළකාරයා. එ්ත් මේ වෙනකම් මුකුත් කරල නම් නැහැ. බලාගෙන ඉමු.
ආසියාවේ අනිත් රටවල්වල මුදලේ අගය අඩුවීමටත් අපේ පළාත් පාලන ඡන්දය බලපෑමක් වුණාද?
සිම්බාබ්වේට වෙච්ච දේම වුනා
දකුණු ආසියාවෙ දුර්වලම මුදල් ඒකකය අපේ රුපියලයි එචිචරයි අපි දන්නෙ. ඉන්දියාව බංගලාදේශය, නේපාලය පානිස්ථානයත් අපට වඩා ශක්තිමත් අැයි අපේ එක ශක්තිමත් කර ගන්න බැරි, අාර්ථික ඔස්තාර්ලා වැඩියි ඒකයි හේතුව.
මෙතන කතා කොරන්නේ මහින්ද මහතා ගැනවත් රනිල් ගැනවත් නොවෙයි 2008 ලෝක ආර්ථිකය වැටුන වෙලාවෙත් රටේ යුද්දයක් තිබුණ අවස්ථාවේත් පහල නොගිය රුපියල තෙල් මිලත් බොහොම අඩුවෙලා රටේ සංවර්ධනයක් නොවී එකතැන පල්වෙන කාලයක මෙතරම් බාල්දුවෙන්නේ ඇයි කියන එකයි. නැතුව එළුවන් පස්සේ යන එඬේරුන්ගේ අදහස් දැනගන්න නොවෙයි. බුද්ධිමත් මහතෙක් ඉන්නවානම් කරුණාකර කියන්න. අවුරුදු 4 එජාප කට්ටිය පස්සෙන් ගියානේ අන්තිමට කඩන වැටුනේ මහා බැංකුව.
අද පුවත් පතක කියනවා 2018 පළමු මාස 10 තුළ විදෙස් ආයෝජකයෝ ඩොලර් මිලියන 640ක් රජයේ සුරැකුම් පත් ආයෝජන ඉවත් කරගෙන කියලා. ඉමක් කොනක් නැතිව රටට අනවශ්‍ය දේත් පිටරටින් ගෙන්වනවා. තිබෙන ආයෝජන ඉවත් කරගන්නවා. අලුත් ආයෝජන කරන්න කිසිවෙක් කැමති නැහැ. කොමිස් ඉල්ලන නිසාත්, රට අස්ථාවර නිසාත් ඉතින් රුපියල බාල්දුවෙන එක අහන්න ඕනේද? මෙතන කට්ටිය අපිට බයිලා කියනවා. එජාපයෝ ගිටාර් ගහනවා. අපට පෙනෙනවා රට වළපල්ලට යනවා.
මම සේවය කලේ වේදේහ රජ්ජුරුවන්ට... ඒ වුනත් මහෝෂධ මගේ කට වැඩි නිසා මම අනවශ්‍ය පරිදි කට අරින හැම මොහොතකම බඩ පිරෙනකම් මට එළු බෙටි වලින් සංග්‍රහ කරන්න කෙනෙක් යොදපු බව මා දන්නා කරුණක්... අනෙක මා නිකම්ම බමුණෙක් නොවෙයි... ගල්බමුණෙක් කියලා හිතෙන කොට මටම ලැජ්ජා හිතෙනවා. එ්ත් මම මට ගෙවන ගාස්තුවට සරිලන්න කඩේ යාමකුත් කරන්න එපායැ...
තවමත් වැරදි රාජපක්ෂද?