(හර්ෂණ තුෂාර සිල්වා)
දින ගණනාවකට පසු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (15) රුපියල් 1.33කින් ඉහළ ගියේය.
පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී රුපියල ඔක්තෝබර් (9) වැනිදා ඉතිහාසයේ පළමු වතාවට ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 172 ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 171.60ක් වූ අතර ගැනුම් මිල රුපියල් 167.73ක් ලෙස දැක්විණි.
ඉකුත් සිකුරාදා (12) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 172.93ක් විය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 සිට ඔක්තෝබර් 12 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 10.8කින් අවප්‍රමාණය වී ඇත. එම කාලයේදී ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 3.1කින් ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන අපරාධයක්ද? දැන් මංගලගේ ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්...
අපේ බන්දුලතුමා කරණ විග්‍රහය පසුගිය දවස්වල ඩොලරයට සාපේක්ෂව රුපියල අගය ඉතාමත් සුළු ප්‍රමාණයකින් ඉහළ ගියබව තමුණ්නාන්සේලාට මතක ඇති. දැන්මේක යහපාලන ආණ්ඩුව පෙන්වන්න හදනවා තමන්ගේ ආර්ථික ප්රතිපත්තිවල තියන නිවැරදි භාවය සාර්ථකභාවය හා ආර්ථික උපාය උපක්රමවල තියන සාර්ථකභාවය නිසා මේ දේ සිදුවූ බවට. නමුත් ඇත්ත කතාව ඒක නොවේ.. මේ යහපාලන ආණ්ඩුවේ දක්ෂකමකටවත් එහෙම නැත්නම් ආර්ථික කළමණාකරනයේ හොඳකමටවත් සිදුවෙච්ච දෙයක් නොවේ. ලෝකයේ ඩොලරය මිල ඉහළ යාමත් සමග අනික් මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරයට තියෙන ඉල්ලුම අඩුවීම නිසා ඇතිවු තත්වයක්... සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්න දරුවන් පවා දන්නවා ඉල්ලුම හා සැපයුම අතර තියෙන සම්බන්ධතාව... එහෙම නැතිව මේ ආණ්ඩුවේ ඉන්න ආර්ථික විශේෂඥයන් කියාගන්නා උදවියගේ හපන්කමකටවත්, දක්ෂතාවයකටවත් නොවෙයි ඩොලරයට සාපේක්ෂව රුපියලයේ අගය සුළු ප්‍රමාණයකින් හෝ ඉහළ ගියේ...
මම ලංකාවේද ඉන්නේ?
සත්‍යපාල ඩොලරයේ මිල ඉහල ගියේත් ඔය වගේම හේතු නිසා කියලා පිලිගන්ඩ අකමැති ඇයි? රුපියල පහත වැටෙනකොට ආන්ඩුවේ වැරදිත් ඉහල යනකොට ආර්තික විද්‍යාවත් මතක්වෙන්නෙ ඇයි?
රුපියල බාල්දු වෙන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව. ඒ ගැන ඒකාබද්ධ විරුද්ධ පක්ෂය වගේම ආණ්ඩුවේ අයත් කතා කරනවා. ආණ්ඩුවේ පණ්ඩිතයෝ කියන්නේ ලංකාවේ රුපියල ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ මුදල් වලට සාපේක්ෂව තවම ඒ තරම් පහතට නොවැටුන බවයි. අතීසාරයට අමුඩ ගසන්නාක් මෙන් රුපියල පොළවත් සිදුරු කරගෙන පහළට යන එක නවත්වන්න ආණ්ඩුව දුබල වෑයමක් ගන්න වා. ඒ .බ වි පක්ෂය කියන්නේ ඒ ගොල්ලෝ හිටිය නම් රුපියලට ඔහොම වෙන්නේ නැහැ කියලා.
චීන වලින් ණය ගත්ත නිසා මුදල් අතිප්‍රමාණය වුනේ කියලා දන්නා අය අත උස්සන්න බලන්න
චීන සංවර්ධන බැංකුවෙන් ණයක් හම්බුනා කියල කියන්න ලජ්ජද?