
(ගයාන් සූරියආරච්චි )
මීගමුව බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමත් සමග එම බන්ධනාගාර රැඳවියන් 700කට ආසන්න පිරිසක් වැලිකඩ, අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මීගමුව බන්ධනාගාරය තුළ නැවත ඇතිවිය හැකි නොසන්සුන්කාරී තත්ත්වයන් පාලනය කිරීම හා රැදවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා එම පියවර ගත් බව බන්ධනාගාර මූලස්ථානය කියා සිටියේය.
යුද හමුදාවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ යුද හමුදා මේ නිලධාරීන්ගේ දැඩි රැකවල් යටතේ යුද හමුදා බපල් රථ පෙරටු කර ගනිමින් මෙම රැඳවියන් එම බන්ධනාගාර වෙත රැගෙන එනු ලැබූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් ප්රතිකාර ලබමින් සිටින අතර බන්ධනාගාරය තුළ තිබූ CCTV පද්ධති සහ බොඩි ස්කෑනර් යන්ත්රයද රැඳවියන් සම්පුර්ණයෙන්ම විනාශ කර ඇති බව ද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd