
.( ඩබ්ලිව් ඩී එම් විතානගේ සහ සුදත් පුබුදු කීර්ති )
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මාකොළ බාලක රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින පිරිමි ළමුන්ගෙන් ළමුන් 15 දෙනෙකු පැන ගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසයි.
මේ ළමුන් විවිධ අපරාධ සම්බන්ධව චෝදනා ලැබ අධිකරණ නියෝග මත රඳවා තිබෙන අය වන අතර ඔවුනට එරෙහිව මහර , කොළඹ , මාලිගාකන්ද හා කඩුවෙල ඇතුළු අධිකරණ ගණනාවක නඩු විභාග වෙමින් පවතින බවද පොලිසිය සදහන් කරයි.
මේ ළමුන් බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවල ළමුන් වන අතර ඔවුන් වයස අවුරුදු 16 හා 17 වන වියේ පසුවන්නන් වන බවද පොලිසිය කියයි මේ රැඳවුම් නිවාසයේ ළමුන් 52 දෙනෙකු සිටිති.
මේ ළමුන් පසුගිය ( 27 ) වැනිදා රාත්‍රී 12 ට පමණ රඳවා සිටි කාමර දෙකක ජනේලයක් හා දොරක ඉබි යතුරු කඩා පලා ගොස් තිබෙන අතර එහි මුර සේවයේ දෙදෙනෙකු සේවයේ නිරතව සිටි බවත් පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 04
783
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රැඳවුම් නිවාසයෙන් ළමුන් 15ක් පැන ගිහින්
Nuwandi Monday, 29 September 2025 12:29 PM
ඕවායෙ ඉන්නෙ හරි හුරතල් හුරුබුහුටි කොල්ලෝ පිරිසක්... ඉතින් මුරකරුවෝ දෙන්නෙකුත් වැඩක් නැහැ. ඊළගට මොලේ කොලොප්පන් කවුරුහරි මේකෙ ළමයි සත්තු වගේ කූඩු කරලා කියලා පැමිණිළි කලොත් මොකද වෙන්නේ?