ඉන්දිකා රාමනායක
රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ පිරිස රජයට අයත් අරලියගහ මන්දිරයේ නීතිවිරෝධී ලෙස රැඳී සිටිනා බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය අද (2) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
සිංහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත ,බොදුබල සේනා සංවිධානයේ සංවිධානයක දාපනේ සුමනවංශ යන හිමිවරු ප්රමුඛ ගිහි පැවිදි පිරිසක් මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ නීති විරෝධීව රැඳී සිටිනවා නම් එය බරපතල රාජ්‍ය දේපළ අවභාතාවක් බවත්, පසුගිය යහපාලන රජය ස්ථාපිත කළ මුල්‍ය අපරාධ කොට්ඨාසයට දැන් අවස්ථාව උදාවී තිබෙන්නේ ඔවුන් ස්ථාපිත කළ උදවියට එරෙහිව විමර්ශනයක් කිරීම බවත් මාගල්කන්දේ සුදන්ත හිමියෝ පැවසුහ.
අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා පත් කරන ලද බවත් , රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් දැනුම් දී තිබියදීත්, මේ සියල්ල නීත්‍යනුකූලව සිදුකර ඇති බවට නීති විශාරදයන් කරුණු කාරණා ඉදිරිපත් කර තිබියදීත්, පාර්ලිමේන්තුවේදී නව අග්‍රාමාත්‍යවරයාට හිමි අසුන සහ අග්‍රාමාත්‍යවරයාට හිමි සියලූ වරප්‍රසාද ලබා දීමට කතානායකවරයා එකඟතාව පලකර තිබියදීත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට තවදුරටත් අරලියගහ මන්දියේ රැඳී සිටින්න කිසිසේත් අයිතියක් නොමැති බවද උන්වහස්සේ කියා සිටියහ.
අරලියගහ මන්දිරයේ නීතිවිරෝධීව රැඳී සිටින සියලූ දෙනා මුල්‍ය අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් ඔක්කම තුරුම්පු ගහනවා. කාඩ් කුට්ටමේ තව කොළ කොළ කීයක් තියෙනවද?
පරණ කාලේ කරපු දේවල් නැවත නොකරන ලෙසද.. ලංකාවේ බෞද්ධ භික්ෂුන් කළයුතු දේ කරන ලෙසත්ද අනවශ්‍ය ආකාරයට කඩේ නොයන ලෙසද ඉල්ලා සිටින අතර, එසේ කිරීමට නොහැකි නම්, කසාවතට තවත් නිගානොකට ගිහියන් ලෙස ඇවිත් තමාට කැමති දේශපාලන ගැත්තෙකුට කඩේ යන ලෙස ඉල්ලා සිටිමි. තවත් උත්තම අපගේ ශාසනය අපවිත්‍ර නොකොට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි...
සිරිමාවේ බණ්ඩාරනායක මැතිනිය පැරදිලා. ඒත් මාස 3 ක් අරලිය ගහ මැදුරේ සිටියා. ඒ ඡන්දෙකින් පැරදිලා දැන් මේ කාරණාව ඊට වඩා ගොඩාක් වෙනස් මේ චිත්‍රපට .
මේ සංවිධාන කාගේ අරමුණුවලට අනුවද වැඩ කරලා තියෙන්නේ කියන එක දැන් පැහැදිලියි.
එෆ්.සී.අයි.ඩී එක කියන්නේ හොර දෙයක් කියලා නේද ඒ කාලේ කෑගැසුවේ?
අත්අඩංගුවට අරන් අපේ සල්ලි වලින් කන්නදිදී තියාගන්න... විකාර කතා කරනවද? පහුවෙනකොට රෝහලට යන්න ඕන කියයි. අන්තිමේ ඇත්තටම පණ අදින ලෙඩ්ඩුන්ට බිම බුදියන්න වෙනවා. ඔන්න ඔහේ යන දේවාලෙක යන්න අරින්න. ඔබවහන්සේලාට තේරෙනවද අද රටේ කෑමවේලක් දෙන්න යන වියදම? එ්ක මේ ගිහි අපිනේ දන්නේ... අනික ඔය කට්ටියට බුරියානි, මිසක් සම්බෝලයි, බතුයි වගේ දේවල් කාලා පත්තියන් වෙන්නෙත් නැහැ...
එතකොට ඔබ වහන්සේ රජයේ වාහනයක් භාවිතා කළා නේද වීරවංස ඇමති ඉන්න කාලේ? ඕවා නීතිවිරෝධී නැද්ද?
සිවුරට උඩින් සාටකයකුත් දා ගත්තා නම් නේද වඩා ගැලපෙන්නේ...? සුබ අනාගතයක් අපේ දේශපාලන සාදුලාට !!!
හාමුදුරුවෝ මෙම ප්‍රශ්නවලට මැදිහත් වීම නොවිය යුතුය.. කවුරු හරි, කවුරු වැරදි කීමට පෙර එම අයගේ චරිත දෙස බලන්න. හොඳයි කියා කීමට කෙනෙකු පාර්ලිමේන්තුවේ ඉන්නවාද..?
දේවදත්ත හාමුදුරුවන්ගේ බණ අහලනේ අජාසත්ත කුමාරයා බිම්බිසාර රජුන්ව අත්අඩංගුවේ තියාගෙන මරණයට පත්කෙරුවේ...
අනේ හාමුදුරුවරුනේ මේ රටේ ජනතාවට බුදුදහම පහදා දෙන්න බුදුරජානන්වහන්සේ වදාළ අන්දමට ජනතාව ප්‍රතිපත්තිගරුකව ජීවත් වනවානම් අද මේ රටට මෙහෙම වෙන්නේ නැහැ. තමුන්නාන්සේලා ජනතාවට ආදර්ශමත් වෙන්න. සංඝරත්නය බුදුදහම වෙනුවට දේශපාලනය වදාලන්න ගත් විට ජනතාව දේශපාලනය තම ධර්මය විදිහට සලකන්න පටන්ගන්නවා. අද රටේ පෙනෙන්නට තියෙන්නේ එයයි. පන්සලට ගොස් කාටත් පෙනෙන්න බුදුන් වැන්දට ඒ නමට, පන්සලෙන් එලියට ඇවිත් වෛරය ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, බලය හා ධනය පස්සේයෑම පෙන්නුම් කරමින් දේශපාලනඥයින් වන්දමාන කරන තත්වයක් අද රටේ බොහෝ අයට තියෙන්නේ. ඒ තත්වය වෙනස් කල හැක්කේ ඔබවහන්සේලාට පමණයි. එසේ නොවුනහොත් මේ රට තව තව විනාශයට යනවා නියතයි.
බෙන්ස් කාර් වලට වරදාන වරප්‍රසාදවලට දේශපාලන ගැත්තන්ට කඩේයන බුදුදහමට නිගරු කරන මේ අයට ඉස්සරවෙලා දඬුවම් කරන්න ඕනෑ.
හාමුදුරුවනේ අපේ හාමුදුරුවන්ට සමාව ලබාගෙන නැවත වැඩට බහිමු. අපි ලැහැස්තියි. දැන් එජාපෙ කල්පයකට නැගිටින්නේ නැත. අපි දැන් වැටුණු එජාපෙ බෙල්ලටම කකුල තියාගෙන ඉන්නේ...
මෙතෙක්කල් කිව්වේ කසාවත කියලා මේ අයගෙන් ඒකත් නැතිවෙනවා. ශාසනයේ විනාශය ඉතාම ළඟයි..
මෙම සංවිධාන බුද්ධ ශාසනය විනාශ කරන්න බිහි වූ ඒවා ලෙසයි ධර්මානුකුල ජීවිත ගතකරන අප හට පෙනෙන්නේ.. ශරීරය චීවරයෙන් වසා ගත්තාට සිත වහන්න බැරිය. නියම භික්ෂුව කවුද කියන්න ගිහියන් හඳුනාගෙන අැත. ශාසනාවතරණය කියවන්න. බුද්ධ ධර්මය දේශනා කරන්න...
බොදු බලේ හොඳයි අපේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවට පත් කරන්ට.
හම්බවෙන දානේ ටික කාලා පන්සලට වෙලා ඉන්න යකුනේ...