IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


රනිල් වික‍්‍රමසිංහට මහා සංඝරත්නයේ ආශිර්වාදය

(නිමල කොඩිතුවක්කු)

වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවක් ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය අරලිය ගහ මන්දිරයට වැඩම කොට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට  පිරිත් නූල් බැඳ ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාද පිහිට පැතූහ.

සේදවත්ත පුරාණ විහාරාධිපති අබන්පොල ඥාණාලෝක හිමියෝ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට  පිරිත් නූල් බැ`ද ආශිිර්වාද කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.



අදහස් (15)

රනිල් වික‍්‍රමසිංහට මහා සංඝරත්නයේ ආශිර්වාදය

upali Thursday, 13 December 2018 06:13 PM

දැන් ඔය බැංකුව කඩපු එක්කෙනාටත් එක්කද නූල් බැන්දේ?

:       26       134

sandy123Friday, 14 December 2018 01:19 PM

හෙල්පින් හම්බන්තොටට දෙනකොට මොනවද බැන්දේ?

:       51       82

SathyayaaFriday, 14 December 2018 10:18 PM

මේ හලෝ, හෙල්පින් හම්බන්තොට ගහපු මෑනුත් එකයි මහා බැංකුව කඩපු එකත් ඔහේ හිතනවද තරහ කාරයෝ දෙන්නෙක් කියලා. අන්න එතන තමයි ඔහෙටයි, ඔහේ වගේම හිතන අනික් රාළලාටත් වැරදුණු තැන. ඔන්න ඔය හින්ද තමයි මහින්ද ගොයියා නිතර කිව්වේ දේශපාලනයේදී සදාකාලික මිතුරොත් නැහැ සදා කාලික හතුරොත් නැහැ කියලා. ලංකා සමාජ සන්දර්භය තුළ ඔය කියන "මහින්ද චින්තනය" බුදු දහමට ඉහළින් පැවතුණු නිසා මහින්දයි, රනිලුයි දෙන්නම හිතුවා කර්මය ඔවුන් දෙන්නට බලපාන්නේ නැහැ කියා. අද දින මොවුන් දෙන්නාම මහා අධිකරණ ඉදිරියේ පමණක් නොවෙයි "සත්‍යයේ හෝරාව" නම් අධිකරණ ඉදිරියේ පෙනී සිටීමේ පැය එළඹ තියෙනවා.

:       0       0

janahitha Saturday, 15 December 2018 04:40 AM

ඒක ඉංගිරිසියෙන් නොවැ... මේක අමු සිංහලෙන් තමන්ගේ පොකැට්ටුවට ගහන දේශපාලකයින්ට කඩේ යන නිල්, කොළ, කහ මන්දබුද්ධිකයින් නොවෙමු..

:       0       18

julien Thursday, 13 December 2018 06:31 PM

එකමත් එක රටක ගරු අගවිනිසුරුවරිය ධුරයෙන් නෙරපීමේ අවස්ථාවේ ඒ එකමත් එක රටේ හිටපු කතානායකතුමා උත්තරීතර පාර්ලිමේන්තුවේදී පැවසුවා ඒ එකමත් එක කතානායක තුමා... කතානායක කියනදේ හරි හෝ වැරදි හෝ කවුරුත් පිළිගන්න ඕනෑ යන වග... ඔන්න ඔහොමයි ඒ එකමත් එක රටක කතාව...!!!

:       55       6

dhammika perera Friday, 14 December 2018 01:41 AM

චිරං ජයතු නව අගමැති !

:       5656       1072

Udara Friday, 14 December 2018 05:33 AM

කවුරු මොනවා කිව්වත් අපේ රටේ බිහිවුනු විශිෂ්ට නායකයෙක්

:       2478       1156

wedage Friday, 14 December 2018 08:42 AM

මෙතන අවුලක් තියෙනවා. හාමුදුරුවන් වහන්සේ පුටුවක අසුන්ගෙන සිටිය යුතුයි.

:       1       151

RaveendraFriday, 14 December 2018 09:24 AM

wedage මයා වෙත, ඔබගේ අදහස් නිවැරදිය. මේ සියල්ලෙන්ම ඔබට මෙන් අපටද හැඟෙන්නේ අපගේ මාතෘභූමිය, ජාතිය මෙන්ම ආගමද ඉතාමත්ම පහසුවෙන් පාවාදිය හැකි බව නොවේද? අවංකව කිසිදු පක්ෂයක් නොගෙන සිතීමෙන් මොහු කව්ද යන්න පහසුවෙන් මෙන්ම හොඳින් තේරුම් ගත හැකිය.

:       100       474

wedageFriday, 14 December 2018 11:10 AM

ඔබට ස්තුතියි.. රනිල් මහතාගේ මුහුණෙන් පෙන්වන අදහස නරක බව මට හැඟේ...

:       5       253

AnandaRFriday, 14 December 2018 10:33 AM

කාලාම සූත්‍රය බලාගන්න. අවුල විසඳේවි. තෙරුවන් සරණයි...!!

:       36       128

Sanjaya Friday, 14 December 2018 01:51 PM

සියලුම මාධ්‍යය මෙතුමාව විවේචනය කරමින් මෙතුමන්ගේ අදහස් ආදිය ප්‍රචාරය නොකරමින් සිටියත් මෙතුමා අභීතව නැගී සිටිනවා. සමහරුන්ට මාධ්‍ය නැත්නම් පැවැත්මක් නෑ.

:       41       5

prasad Friday, 14 December 2018 03:04 PM

ගොඩක් මිනිසුන්ට ආගම මතක් වෙන්නේ කරදරේක වැටුණාම විතරයි. රනිල්ට පිරිත් නූල් ගැන එතරම් අවබෝධයක් නැතුව ඇති. මේක බ්‍රේස්ලට් එකක් ලෙස දකිනවත් ඇති.

:       2       141

Sathyayaa Friday, 14 December 2018 10:25 PM

කවුරු මොනවා කිව්වත් විශිෂ්ටකම මොනවට පෙන්නුවා. සමහර මිනිස්සු ඉන්නවා ඌරන් මරණ මිනිහට කැමතියි. මොකද ඒ "චුන්ද සූකරයා" නැත්නම් ඒ අයට ඌරු මස් කන්න විදියක් නැතිව යන නිසා.

:       0       0

Prof. Edward Perera Friday, 14 December 2018 10:41 PM

පැවිද්දෙක් රජෙක් ඉදිරියේ වුනත් හැසිරිය යුතු ආකාරයක් තියෙනවා. එය දන්නේ බුදුදහම සතු උතුම් ගුණාංග දන්නා අය පමණයි. පැවිද්දෙක් වූ පළියට ආගම ගැන වැටහීමක් තිබෙනවා යන්න සත්‍යය නොදන්නා කමින් කරන උපකල්පනයක් මිස සැබෑවක් නොවේ. රනිල් වික්‍රමසිංහ රජෙක් වුනත් අඹන්පොල ඥාණාලෝක උන්නාන්සේ ඔහු ඉදිරියේ හිටගෙන එය කිරීම ආගමික චාරිත්‍රවලට පටහැනියි. මෙතන මේ පිරිත් නූල බැන්දේ බෞද්ධයෙකුට නම් ඒ බෞද්ධයා තමන්ට නූල් බඳින්න එන හිමිනමට ප්‍රථමයෙන් සුදු රෙද්දක් එලූ අසුනක් පනවනවා. ඉන්පසු දණ්ඩ නමස්කාරයෙන් ඒ හිමිට වඳිනවා. වෙන ආගමකට අයෙක් නොදන්නා නිසා ඒ වැරැද්ද කළත් ඥාණයට ආලෝකයක් විය යුතු එහෙත් එය නමට පමණක් සීමාවූ අයෙකුගේ පිරිත් නූලෙන් ආශීර්වාදයක් ලැබේ යයි සිතන්න තරම් දෙදෙනාම මුළාවෙන් පසුවීම කණගාටුවට කරුණක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 109 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site