
(නිමල කොඩිතුවක්කු)
වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවක් ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය අරලිය ගහ මන්දිරයට වැඩම කොට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට පිරිත් නූල් බැඳ ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාද පිහිට පැතූහ.
සේදවත්ත පුරාණ විහාරාධිපති අබන්පොල ඥාණාලෝක හිමියෝ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට පිරිත් නූල් බැ`ද ආශිිර්වාද කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය බැංකුව කඩපු එක්කෙනාටත් එක්කද නූල් බැන්දේ?
එකමත් එක රටක ගරු අගවිනිසුරුවරිය ධුරයෙන් නෙරපීමේ අවස්ථාවේ ඒ එකමත් එක රටේ හිටපු කතානායකතුමා උත්තරීතර පාර්ලිමේන්තුවේදී පැවසුවා ඒ එකමත් එක කතානායක තුමා... කතානායක කියනදේ හරි හෝ වැරදි හෝ කවුරුත් පිළිගන්න ඕනෑ යන වග... ඔන්න ඔහොමයි ඒ එකමත් එක රටක කතාව...!!!
චිරං ජයතු නව අගමැති !
කවුරු මොනවා කිව්වත් අපේ රටේ බිහිවුනු විශිෂ්ට නායකයෙක්
මෙතන අවුලක් තියෙනවා. හාමුදුරුවන් වහන්සේ පුටුවක අසුන්ගෙන සිටිය යුතුයි.
සියලුම මාධ්‍යය මෙතුමාව විවේචනය කරමින් මෙතුමන්ගේ අදහස් ආදිය ප්‍රචාරය නොකරමින් සිටියත් මෙතුමා අභීතව නැගී සිටිනවා. සමහරුන්ට මාධ්‍ය නැත්නම් පැවැත්මක් නෑ.
ගොඩක් මිනිසුන්ට ආගම මතක් වෙන්නේ කරදරේක වැටුණාම විතරයි. රනිල්ට පිරිත් නූල් ගැන එතරම් අවබෝධයක් නැතුව ඇති. මේක බ්‍රේස්ලට් එකක් ලෙස දකිනවත් ඇති.
කවුරු මොනවා කිව්වත් විශිෂ්ටකම මොනවට පෙන්නුවා. සමහර මිනිස්සු ඉන්නවා ඌරන් මරණ මිනිහට කැමතියි. මොකද ඒ "චුන්ද සූකරයා" නැත්නම් ඒ අයට ඌරු මස් කන්න විදියක් නැතිව යන නිසා.
පැවිද්දෙක් රජෙක් ඉදිරියේ වුනත් හැසිරිය යුතු ආකාරයක් තියෙනවා. එය දන්නේ බුදුදහම සතු උතුම් ගුණාංග දන්නා අය පමණයි. පැවිද්දෙක් වූ පළියට ආගම ගැන වැටහීමක් තිබෙනවා යන්න සත්‍යය නොදන්නා කමින් කරන උපකල්පනයක් මිස සැබෑවක් නොවේ. රනිල් වික්‍රමසිංහ රජෙක් වුනත් අඹන්පොල ඥාණාලෝක උන්නාන්සේ ඔහු ඉදිරියේ හිටගෙන එය කිරීම ආගමික චාරිත්‍රවලට පටහැනියි. මෙතන මේ පිරිත් නූල බැන්දේ බෞද්ධයෙකුට නම් ඒ බෞද්ධයා තමන්ට නූල් බඳින්න එන හිමිනමට ප්‍රථමයෙන් සුදු රෙද්දක් එලූ අසුනක් පනවනවා. ඉන්පසු දණ්ඩ නමස්කාරයෙන් ඒ හිමිට වඳිනවා. වෙන ආගමකට අයෙක් නොදන්නා නිසා ඒ වැරැද්ද කළත් ඥාණයට ආලෝකයක් විය යුතු එහෙත් එය නමට පමණක් සීමාවූ අයෙකුගේ පිරිත් නූලෙන් ආශීර්වාදයක් ලැබේ යයි සිතන්න තරම් දෙදෙනාම මුළාවෙන් පසුවීම කණගාටුවට කරුණක්...