
(අංජුල මහික වීරරත්න)
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය.
මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇත.
රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට ද කටයුතු කර තිබේ.
2017 අගෝස්තු 21වනදා අරලියගහ මන්දිරයෙන් පිටත සිදුකළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණි.
රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයදීම ඊයේ (25) සිදු කළේය.
තමන් සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.
තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අධිකරණයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළවෙනි කොන්දේසිය කට පියාගෙන ඉන්න කියන එකද?
ජනපති සමාව නිවැරදිවම ක්‍රියාවට යෙදවූ දුර්ලබ අවස්ථාවක් මෙය.
එදා ගෝඨාභය ජනාධිපති කාලෙත් රන්ජන්ට කිව්වේ "අධිකරණයෙන් සමාව ගන්න කියලා" නිදහස් කරන්න. නමුත් රංජන් එදා ඒක ප්‍රතික්ෂේප කළා. නමුත් අද ඔහු දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයෙන් සමාව ගත්තා. එහෙම වෙන්නෙ ඇයි? මම දන්නේ නැහැ ඇයි කියලා...
කරපු තරමක් කලේ අපහාසාත්මක ප්‍රකාශ... ඒ අතර අසත්‍ය ප්‍රකාශත් කළා. කටට බ්රේක් ඇත්තේම නෑ. නළුකම කරගෙන ඉන්න.
මොනව වුණත් රන්ජන් කියන්නේ හිරේ ඉන්න ඕනෙ මනුස්සයෙක් නෙමෙයි. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එළියට ඇවිල්ලා දේශපාලනය කරලා හොරුන්ට දඬුවම් දෙන්න ටිකක්හරි උත්සාහ ගනීවි. ඒත් ඇති ඔය ප්‍රධාන පක්ශ දෙකේ ඉන්න එක්කෙනෙක්වත් හොරු අල්ලනවාට කැමැති නෑ.
කිසිම තරාතිරමක්, වයසක්, ආගමක් නැතුව හැමෝටම අපහාස කළා. අන්තිමට කෙහෙල් ගහට කොටාපු කොට්ටෝරුවා වගේ උසාවියට කොටන්න ගිහින් නාගත්තා. එච්චරයි...!
ඇත්ත කතා කරන්නයි බිම ඉදගන්නයි බයවෙන්න එපා කිවෙ පැරනි කාලෙ එත් අද ............... ?
රංජන් අධිකරණය ස්වාධීන නැහැ කියලා අපහාස කළ නිසා හිරේ ගියේ. මීට කළින් SB ගියා. නඩු අහන නෝනලාට, පොලිස් ලොක්කන්ට නීතිය බලපෑම් කළේ මෙයා හිරේ ගිය දවසේ අත්දෙක උස්සලා වීරයෙක් වගේ ගියා... දැන් කුක්කෙක් වගේ එනවා.
දැන් ඉතින් අනිත් සිරකරුවනුත් දිවුරුම් ප්‍රකාශයක් යොමුකළොත් සමාව දෙනවාද?