
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්ට කළ නියෝග (18) දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී අදාළ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලදී.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හදන්නේ මේ හාදයාවත් ගොඩදාගෙන අනාගතයේ හිරේ වැටෙන අයත් ගොඩ යන ක්‍රමයක්... පව් ලංකාව.!!!
රන්ජන් ඇතුළට ගියේ ඇත්ත කතාකරන්න ගිහිල්ලයි. මිනී මරලා හිරේ ගිය අය පාර්ලිමේන්තුවේ. පුදුම නීතියක්.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අභියාචනාධිකරණයට වෙනස් කළ හැකිද? රන්ජන් වැරැදිකරුවා කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකින්..