(ඩී.ජී.සුගතපාල )
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරුවි වසර 4 ක සිර දඩුවමක් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා අද (26) දහවල් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත ගෙන එන ලදි.
රන්ජන් රාමනායක මහතා රැගෙන එන අවස්ථාවේ සමගි ජනබල වේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි මහතා පැමිණ බන්ධනාගාර ගේට්ටුව අසල සිට බන්ධනාගාරයට ඇතුලුවිමට උත්සාහ කල නමුත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් මන්ත්‍රිවරයාට බන්ධනාගාරය ඇතුළට යාමට ඉඩ දුන්නේ නැත.පසුව මන්ත්‍රිවරයා එම ස්ථානයෙන් පිටව ගියේය.
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට ජනවාරි 12වැනිදින වසර හතරක සිර දඩුවමක් නියමවිමෙන් පසු රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා තරුණ සිරකරුවන් පුනරුත්ථාපනය කරන පල්ලන්සේන කඳවුර වෙත රැගෙන යන ලදි.
සති දෙකක නිරෝධායනය අවසන්විමෙන් පසු ඒ මහතා අද මෙසේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත ගෙන එන ලදි.
රන්ජන් රාමනායක මහතා රඳවා තැබිමට බන්ධනාගාර රෝහලේ වෙනම මැදිරියක් සුදානම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නරක නැහැ වගේ ... ඔහොම යං...
හෙණ හතම තමයි...!!!
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට දාපු එක හොඳයි. දැන් සිරකරුවා බලන්න යන බැතිමතුන් PCR කරගෙන එපායැ යන්න. සිරකරු බලා ආපසු එනකොට දින 14ක නිරෝධායනයට දමන්න.