(ගයාන් සූරිය ආරච්චි)

දිවයිනේ විවිධ ප්‍රවේශවල රන් භාණ්ඩ අලෙවිසල් වලින් රන් බඩු සොරාගත් බව කියන මවක සහ දියණියක අත්අඩංගුවට ගත් බව හුංගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හුංගම සහ කළුබෝවිල ප්‍රදේශවල පදිංචි 54 සහ 19 වියේ පසුවන මවක සහ දියණියකි.

සැකකාරියන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 ක් සහ මිලිග්‍රෑම් 440 ක් පොලිසිය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් මව සහ දියණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.