(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකාර නිලධාරිනියගේ කර පැළඳ රන් පැහැති මාලය කොල්ලකා පළා යමින් සිටි පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.
ප්‍රධාන කළමනාකාර නිලධාරීනිය ඊයේ (11) පෙරවරුවේ රාජකාරිය සඳහා බස් රථයෙන් පැමිණ සුහුරුපාය සුපිරි වෙළඳ සංකීර්ණය අසල බස් රථ නැවතුමෙන් බැස මද දුරක් ඉදිරියට යාමත් සමගම ඒ අසල සිටි පුද්ගලයකු එකවරම ඇය වෙත කඩා වැදී ගෙල පැලඳි රන් පැහැති මාලය කොල්ලකා පලා යාමේදී ඇයගේ කෑ ගැසීම ඇසී අවට සිටි පුද්ගලයන් එම පුද්ගලයා පසුපස හඹා යාමේදී රථ වාහන රාජකාරිය යෙදී සිටි තලංගම පොලිසියේ නිලධාරීයෙකු සැකකරු පසුපස හඹා ගොස් අල්ලා ගෙන තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව එම පුද්ගලයා සුහුරුපාය පොලිස් මුරපොල වෙත රැගෙන ගොස් තලංගම පොලිසිය වෙත භාරදී ඇත .
අනතුරුව සැකකරු ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ආර්ථික අපහසුකම් මැද නැන්දම්මාගේ රන්මාලය උකස් තැබූ බවත් එය බේරා දෙන ලෙස ඇය නිතරම ඇවිටිලි කරන බැවින් කොල්ල කෑම සිදුකළ බව අනාවරණය කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
සැකකරු සිදුකරන ලද ප්‍රකාශය පිළිගත නොහැකි බවත් කොල්ල කෑම සඳහා තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් හෝ පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
රන් පැහැති මාලය හිමි ප්‍රධාන කළමනාකාර නිලධාරිනිය පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ එම මාලය රුපියල් පන්දහසක් පමණ වටිනා එකක් බවත් කොල්ලකරුවන් සිටින බැවින් තමන් පුරුද්දක් ලෙස රන් ආභරණ නොපලදින බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ ලබා දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට පදිංචිකරුවෙකි .සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියේ අය කරනා හොරකම් ගැන නිතර නිතර අසන්නට ලැබේ. මේ හසුවූ ඒවා පමණී. හසු නොවන ඒවා තව කොතරම් ඇතිද? පොලීසියේ සුළු පිරිසක් කරන මේ වැඩ වලින් සමස්ත පොලිස් සේවයමත් අපකීර්තියට පත්වේ. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හා අදාළ ඇමැතිවරයා ගන්නා පියවර ගැන රට දැනුවත් කළ යුතුයි.
අතීතයේදී පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවට බඳවාගනු ලැබූයේ වැදගත් පවුල් පසුබිමක් සහිත අයයි. එය එසේ නොවීමෙන් මෙවන් කාලකන්නි තත්ත්වයක් උදාවී ඇත. ඉහළ සිට පහළටම අද ජරා ජීර්ණ වී තිබේ....
පුදුම වෙන්න දෙයක් නැහැ හොරා පොලිස් කාරයෙක්නේ