(ටී.කේ.ජී.කපිල )
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ ගබඩාවකින්,රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා නිමි ඇදුම් තොගයක් සොරකම් කළ සේවකයන් 05 දෙනකු සොරා ගත් ඇගලුම් තොගයක් ද සමග අත් අඩංගුවට ගත් බව කටුනායක පොලීසිය කියයි.
ඇමෙරිකා ආයෝජන ව්‍යාපෘතිය මගින් කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ගබඩා සංකීර්ණයක් පවත්වා ගෙන යන අතර, එම භාණ්ඩ ප්‍රවාහනය කිරීම, භාණ්ඩ බෑම සහ පැටවීම ද මෙම ආයතනය විසින් සිදු කරති .
මෙම ගඩබාවේ සිටි වෙනත් කර්මාන්තශාලාවක් වෙත නිමි ඇදුම් තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම් වනවිට , එම නිමි ඇදුම් තොගයේ අඩුපාඩු ඇති බව , එම ගබඩා සංකීර්ණයේ පාලනාධිකාරියට වැටහී තිබේ .
ඒ අනුව එම නිලධාරීන් මේ පිළිබඳව කටුනායක පොලීසිය වෙත පැමිණිළි කර ඇත.
ඒ අනුවය සොරා ගත් රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා නිමි ඇදුම් තොගයෙන් කොටසක් සහ මෙම සොරකම සිදු කළ , ප්‍රවාහන ලොරි රථයක රියැදුරුරකු ඇතුළු , මෙම ගබඩා සංකීර්ණයේ සේවය කරන තවත් සිව් දෙනෙක් ද අත් අඩංගුවට ගත්හ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රෙදි හොරුන්ට සැඟවෙන් බැරි වෙයි