(නිමන්ති රණසිංහ)
රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ ගෙවීමේදී ‘ඔන්ලයින් තාක්ෂණයෙන්’ ගනුදෙනු කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.
මෙම නව ක්‍රමවේදය ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන අයුරින් සකස් කිරීමට මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව ද එම අමාත්‍යාංශය සදහන් කරයි.
මෙය පළමුව, අධිවේගී මාර්ගයේ සිදුවන රථවාහන වැරදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමටත් අනෙකුත් මාර්ග සඳහා පසුව සලකා බැලීමටත් මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව ද නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.
රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල්, වරද සිදුකළ ස්ථානයේදීම ගෙවීම සිදුකළ හැකි වන පරිදි නිති සම්පාදනය කිරීම සහ ඊට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණ්‍ය යොදා ගන්නා ආකාරය පිළිබදව සාකච්ඡාවක් අද (16) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වි තිබේ.
මෙම අවස්ථාවට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, විදුලි සංදේශනියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට විරුද්ධ වෙන්නේ පොලිසියේ අයමයි. හේතුව දන්නවා නෙහ්?
හොඳ වැඩක්.
කටින් බතල හිටවන්නේ නැතුව ක්‍රමවේදය හදලා කියන්න.
ලංකාව වගේ රටක් එක පාරම චිනය, ඇමරිකාව වගෙ කරන්න ඔනේ නැහැ ඊට වඩා යමක් මේ මොහොතේ ජනතාව වෙනුවෙන් කල යුතු නොවේද... !
මහජන මුදලින් ජීවිතය ගෙවා දමන අප රටේ සියලුම දේශපාලුවන් මෙන්ම ඉහල නිලධාරින් කථනයේදී පමණක් කැටයම් කරුවන්විම හා වැඩ කිරීමේදී පතෝල, වැටකොළු කරල් වීම අබාග්‍යකි.
ඕකත් තව බොරුවක් ,ලංකාවේ ඩිජිටල් තාක්ෂණය යොදා ගන්නේ පුරවැසියන්ට කරදර කිරීමට මිස පහසුව සැලසීම සඳහා නොවේ
ඩුබායි වගේ නම් දඩ ටික වසරකට වරක් ලයිසන් අලුත් කරනකොට ගෙවන්න තියෙන්නේ. පාරේ ඉඳල පොලිසියෙන් ලයිසන් ගන්නේ නැහැ. දඩේ ලියනවා එච්චරයි. අපිට මේවා ගෙනෙන්න තිබ්බේ ගොඩක් කාලෙකට ඉස්සර. කොළඹ කෙනෙක් යාපනේ ගිහින් එන අතරමග දඩයක් වැදුනොත් ආයෙත් යාපෙනෙට සැරයක් යන්න වෙනවා දඩේ ගෙවල ,ලයිසන් එක ගන්න. එහෙම උනහම පොලිස්යේ නිලධාරියාට ගෙවන්න කියල දඩ කොලේ දීල ලයිසන් එක අරන් එන එක සාමාන්‍ය පුරුද්ද. අපේ රටේ ප්‍රතිපත්ති ටික හදන්න ඕනේ තැන කුණු වෙලා ,10% යේ කාක්කෝ ටිකක් ඉන්නකොට වෙන මොන දියුණුවක් වෙන්නද. අවුරුදු 70වක් පිස්සු නටපුවාගේ උපරිමේට ඇවිත් තියෙන්නේ. මෙයිට එහා යන්න හරි විනයක්, ක්‍රියාත්මක වන නීතියක් , ,ප්‍රතිපත්තියක් තියෙන රටක් හදන්න දියවන්නා වේ ඉන්න 10% ලාට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට හිතෙන්න ඕනේ !!
පොහොට්ටුවේ අය කියවන්නෙම ඔවුන්ගේ අදහස් පමණයි.