
(ප්‍රසාද් රුක්මල් )
පවතින වර්ශාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් එම ජලාශයේ පිටවානේ ගේට්ටු සියල්ල (හතම) තත්පරයට ගනමීටර් 49.0 බැගින් අද (6) දහවල් විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශභාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි .
මාපාකඩවැව කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතාගේ උපදෙස් මත මෙසේ උල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු විවෘත කිරිමත් සමග ඊට පහලින් පිහිටි ගිරාදුරුකෝට්ට රත්කිද කෝසුව ජලයෙන් යටවී යාමනිසාවෙන් එම මාර්ගයේ ගමන් කිරිමට නොහැකි හෙයින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටද දැනුම් දී සිටි.
මහවැලි සී. කලාපයට වාරි ජලය නිකුත් කිරිම අවම ප්‍රමානයකින් සිදුවන බවත්, මාදුරුඔය ජලාශයට උපරිමව ජලය නිකුත් කරන බව පවසන උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා ජලාශයේ ජල මට්ටම රැදවුම් ධාරිතාව ඉක්මවා යාමට ආසන්න හෙයින් ආරක්ශිත පියවරක් ලෙස මෙසේ උල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු සියල්ල විවෘත කළ බවද සදහන් කළේය.
(

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd