(යොහාන් භාසුර)
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වුවද මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ තව දුරටත් කටයුතු කරන බවත් ඔහුට එල්ල වී ඇති චෝදනා අතිශය සාපරාධී ක්‍රියාවක් නිසා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට දැරීමට හෝ විශ්වාසවන්ත පුද්ගලයකු නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීම තුළින් තම චර්යාව පිළිබඳව වගකීම බාරගැනීම නිසා වෙනත් රාජ්‍ය තනතුරක් දැරීමට ඔහුට සධාචාරාත්මක අයිතිය අහිමිවී ඇති බව කියන ශ්‍රී ලංකා නීතිඥා සංගමය රත්වත්තේ මහතාගේ බරපතල සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයෙන් වැඩි දුරටත් කියා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට ගරු කරන රටක් නම් මේ වනවිට ඔහු අත්අඩංගුවේ.
එය තීරණය කරන්නෙ රටෙම ජනතාව.
ලංකාවේ නීතිය කියන එක තියෙන්නෙ සාමාන්‍ය ජනතාවට පමණයි .
නීතිඥ සංගමේ ට මාගෙ හදපිරි ප්‍රණාමය...
පරම්පරාවෙන් ආපු උදුගුකම, මෙයාලා නුවර හැසිරෙන හැටි ඒ පළාතේ මිනිස්සු දන්නවා.
තෙල් මිල වැඩි කියලා බොරුවට ගම්මපිලට විශ්වාසභංග යෝජනාවක් ගෙනාපු විපක්ෂය දැන් මොකද කියන්නේ.
රොනී, 69 ලක්ෂය ඉන්නකම් ඕවට ඉඩ දෙන්නෙ නෑ…!
මේ රටේ මිනිස්සු වත්මන් ජනපතිව පත් කලේ නිතිය හරියට සැමට සමානව ඉටු කරාවි කියන උපරිම විශ්වාසය සහ බලාපොරොත්තුවෙන්. එත් පහුගිය කාලයේ සිදුවුණු යම් යම් දේවල් නිසා එය එසේ නොවෙමින් පවතින බවට මතයක් සමාජය පුරා පැතිරෙමින් පවතිනවා. ඔන්න මේ සිදුවීම ඉතාම වැදගත් තීරණාත්මක අවස්ථාවක්. මෙතනදීත් තමන්ගේ එකා කියලා ලිස්සලා යන්න ඇරියොත් මේ රටේ නම් කවදාවත් විනයක් ඇති සමාජයක් හදන්න බැහැ බැහැ බැහම තමයි කියන අදහස තහවුරු වෙනවා. ඊළඟට මිනිස්සුත් ක්‍රමයෙන් මේ වගේ දේවල් කරන්න පුරුදු වෙනවා.
මෙයාට සුදුසුම තැන වැලිකඩ හිරගෙදරයි.
මුදල්ම හම්බ කිරීම ඒකායන පරමාර්ථය වූ මේ කාණ්ඩය මෙතන කරන්නෙ දේශපාලනයක්.
සාමාන්‍ය මිනිස්සු අසාධාරණය ඉවසා සිටිය යුතුයි. ඒක නොදන්න පුරවැසියො ඉන්නව නම් හරි පුදුමයි.
ඇත්තටම මූ ගැන මනොවිද්‍යාත්මක විශ්ලේශණයක් කලොත් මූට තියෙන මානසික රෝගයන් රොත්තක් හොයාගන්න පුලුවන් , පරපීඩක කාමූකත්වය , සයිකෝසියාව , හිනොන්මාදය , බයපෝල’ර් අසාත්මිකතාවය එකක් දෙකක් , මනෝවෛද්‍ය වරයෙකු යටතේ ,නේවාසිකව කාලය ගතකලයුතු මානසික රෝගීයෙක් , කැබිනට් මණ්ඩලය නියොජනය කරනවා කියන්නේ රටට කරන මොන තරං අසාධාරණයක්ද ? අපි වැටිච්චි වලක්.
හරි නම් ප්‍රජා අයිතියත් අහෝසි කරලාම දාන්න ඕනෑ ...
වැදගත් යැයි සම්මත කිසිම දේකට සුදුසු නැතිකම තමයි ලංකාවේ දේශපාලනය කරන්න තියෙන ඉහළම ප්‍රධාන සුදුසුකම...
එතකොට අර චොකා මල්ලි සුදුසුද?
රත්වත්ත විතරක් නෙවෙයි අනිත් අය ගැන කියන්නේත් ඒ ටික තමයි.
මනෝ විද්‍යාවට අනුව නිතර බේබදුව සිටීමට ඇතැමකු පෙළඹෙන්නේ අතීත අවතාර ඔහුගේ සිහිය විකල් කරන හෙයිනි. මනා සිහිබුද්ධියෙන් සිටින විට අතීතයේ කළ අපරාධ, මිනී මැරුම් ආදිය සිහිපත් වීමෙන් සංත්‍රාසයට පත්වන හෙයින් නිතර බේබදුව සිටීමට ඔවුහු පෙළඹෙති. මෙම රාජ්‍ය ඇමැතිවරයාත් එබන්දකු දැයි අපි නොදනිමු. එබන්දකු නම් වහා ප්‍රතිකාර කළ යුතුයි. ඒ අර්ථයෙන් ඔවුන්ට අනුකම්පා කළ යුතුයි. එහෙත් මෙබඳු මානසික රෝගීන් සමාජයේ නිදැල්ලේ සිටීම අතිශයින්ම භයානකයි. විශේෂයෙන්ම නීති සම්පාදනය කරන නීති සම්මත කරන හා රටේ මූල්‍ය විනය ආරක්ෂා කිරීමේ වගකීම ඇති ඒ අර්ථයෙන්ම රටේ උත්තරීතම ආයතනය ලෙස විරුදාවලි ලත් පාර්ලිමේන්තුවේ සිටීම අතිශයින්ම භයානකයි...