IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


රත්මලානේ රොහාගේ මස්සිනා පිහි පහරින් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් වෙඩි පහරින් මිය ගිය සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන  රත්මලාන  රොහාගේ  මස්සිනා රත්මලාන රස්ටම් වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කපා  ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචි අසංක සිල්වා නැමැති හතළිස් තුන් හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙකි. 

ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට මාස තුනකට පමණ ඉහත දී  සැකකරු ට අයත් නැති වූ ජංගම දුරකථනයක්   මීට දෙදිනකට ඉහතදී  රුපියල් 2000 ක මුදලකට  රස්ටම් වත්ත ප්‍රදේශයේ පුද්ගලයකුට  උකස් කර තිබීම  සම්බන්ධයෙන්  ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව පිහි ඇනුම ක ට ලක් වී ඇතැයි පොලිසිය කියයි. 

බරපතළ තුවාල ලබා වැටී සිටි පුද්ගලයා  පැය බාගෙකට පමණ පසු  කළුබෝවිල රෝහලට රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. 

ඝාතනය  සිදු කළ පුද්ගලයාද තීරෝද රථ රියදුරකු  වන අතර  හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාගේ  රියදුරෙක් ලෙස කලක් කටයුතු කළ අයෙක් බවත්  රත්මලාන කුඩු අංජු නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ ඥාති සබඳතාවයක් තිබෙන පුද්ගලයකු බවට හඳුනා ගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත 

පලාගිය සැකකරුද  මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහි වූ බව පොලිසිය කියයි 

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ පුත්‍ර මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය  පැවැත්වීමට නියමිතය 

 



අදහස් (0)

රත්මලානේ රොහාගේ මස්සිනා පිහි පහරින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 368 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 475 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site