
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන ජයසුමන මාවත සහ වෙඩිකන්ද ප්‍රදේශවල සිදු කළ වැටලීම් දෙකකින් කේරළ ගංජා ,අයිස් මත්ද්‍රව්‍ය ,හොරයින් මත්කුඩු ,කඩුවක් ,තරාදි ,හා යතුරු පැදියක් සමග දෙදෙනක අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලාන කුඩු අන්ජු නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු බව ද පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ කේරළ ගංජා කිලෝ 5 අධික ප්‍රමාණයක් ,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 104 ක් හොරයින් මත්කුඩු ග්‍රෑම් 30 ක් විද්‍යුත් තරාදි 2 ක් ජංගම දුරකථන 3 ක් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 53600 ක මුදලක් හා කිසිදු බලපත්‍රයක් හෝ ලිපි ලේඛනයක් නොමැති යතුරුපැදියක් පොලිසිය භාරයට ගෙන ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd