(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
රත්මලාන සොයිසාපුර අවන්හලට වෙඩි තැබීමේ සිද්ධියේ මෝටර් රථය පැද වූ පුද්ගලයා බුත්තල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (14) අලුයම විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය .
ඉකුත් 29 වැනි දින සන්නද්ධ කණ්ඩායමක් ටී පනස් හයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබිණි .
අත්අඩංගුවට ගත් සැකකරු ඔහු බිරිඳ ඇතුළු පවුලේ සෙසු සාමාජිකයන් සමග බුත්තලට පලා යාමට යොදා ගත් ත්‍රීරෝද රථය ද පොලිසිය බාරයට ගැනිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චණ්ඩි මොකද පැනලා යන්නනේ?
නීතිය කරන්න දෙන්නේ නැත්තේ ඔය 225 තමයි.
මුලදී නිරායුධ මිනිසුන් ඉදිරියේදී වීරයන් සේ හැසිරී පසුව පොලීසියට බියෙන් සැඟවෙන එක බියගුල්ලන්ගේ ක්‍රියාවකි. මොවුන්ගේ සැබෑ නිරුවත එයයි. කිසියම් දිනෙක මොවුන්හට මිනිසුන්ගේ සිත්වල තිබෙන බිය නැතිවූ කලෙක මිනිසුන් විසින්ම මොවුන් අල්ලා තලා පොලීසියට බාරදෙනු ඇත. ඒ දිනය අනාගතයේ කිසියම් දිනෙක උදාවෙනු ඇත. අතීතයේ තිබූ එක්තරා අඳුරු යුගයක අවසාන භාගයේදීද, එදා සිටි පුහුවීරයන් තලා ගස් බැඳ පොලීසියට බාරදුන් අවස්ථා අපට මතකය. ඒ අඳුරු යුගයේ අවසානයක නෂ්ටාවශේෂ යන්ය. එහෙත්, අද ඔවුන් ඒ දුර්ගුණ අතර හොඳ මිනිසුන් වී හොරකමට, වංචාවට, දූෂණයට විරුද්ධව සටනක් කරනා බැවින් ඔවුන්ගේ ක්‍රියාවන් අපි ඇගයීමට ලක් කරන්නෙමු..
පාතාලේ වෙඩි තියද්දී ඒක දැම්මෙ නැහැ, අල්ලද්දී දානවා, වෙඩි තියපු එක දැනගන්න වෙන එකක් බලන්න ඕනෑ...