(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන්)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන සිංහාරගේ අමල් සමින් ද සිල්වා හෙවත් රත්මලාන අංජු නැමැත්තාගේ සමීපතමයකු කේරළ ගංජා සහ මත් පෙති සමග අද ( 31) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව මොරටුව ලුනාව කලපුව මැටි පාරෙදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 7යි ග්‍රෑම් 57ක් ,මත් පෙති හතක් පොලිස් භාරයට ගත් බව පැවසේ .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුනාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 පුද්ගලයකු බව පොලිසිය පවසයි .
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී මොහු අපරාධ කල්ලි නායකයෙකු වන රත්මලානේ අංජු නැමැත්තාගේ සමීපතමයෙකු බවට අනාවරණය වූ බවත් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැදගත්, බුද්ධිමත් නියම වැඩ්ඩන්ව ලබන ඡන්දෙදී වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යවමු.