IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රත්නපුරයේ 1739කට ගංතුරින් බලපෑම්

(අජිත්ලාල් ශාන්තඋදය සහ ලසන්ත නිරෝෂණ)

දින දෙකක් තිස්සේ රත්නපුර දිස්ත‍්‍රික්කයට බලපෑ අධික වැසි සහ සුළං හේතුවෙන් ඇති වු ගංවතුර, නායයාම් සහ තද සුළං හේතුවෙන් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක ග‍්‍රාම සේවා වසම් 48ක පවුල් 420ක පුද්ගලයින් 1739දෙනෙකු ආපදාවට ලක්ව සිටින බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසන්නීය.

රත්නපුර, ඇලපාත, නිවිතිගල, ඇහැළියගොඩ, කුරුවිට, කොළොන්න අයගම සහ කිරිඇල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම ආපදා තත්ත්වය නිසා බලපෑම් සිදුව ඇති බව ද දිස්ත‍්‍රික් ලේකම්වරිය සඳහන් කළාය.

ආපදාවට ලක්වු පවුල් 19ක පුද්ගලයින් 76ක් සුරක්‍ෂා මධ්‍යස්ථාන 05ක කඳවුරු ගතකර ඇති බව කී දිස්ත‍්‍රික් ලේකම්වරිය අංගම්මන විහාරස්ථානය, ශිවන් කෝවිල, ජෙන්නන් ජුම්මා දේවස්ථානය සහ ශෛලතලාරාමය යන සුරක්‍ෂා මධ්‍යස්ථාන හතර රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටුවා ඇත.

ඇලපාත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇලපාත මහා විද්‍යාලයේ අනෙක් සුරක්‍ෂා මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

ආපදාවට ලක්වූවන්ට අමතරව නිවාස 45කට අර්ධ හානි සිදුව වෙනත් දේපල හානි 04ක් ද වාර්තා වී ඇතිබව දිස්ත‍්‍රික් ලේකම්වරිය පැවසුවාය.



අදහස් (0)

රත්නපුරයේ 1739කට ගංතුරින් බලපෑම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 338 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site