
(අංජුල මහික වීරරත්න)
රත්නපුර හෙද විදුහලේ 2021 සිසු හෙද කණ්ඩායමේ හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උළෙල සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර හෙද විදුහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
තුන් අවුරුදු පාඨමාලාවේ පළමු වසරේ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 121 දෙනකු සඳහා හිස්වැසුම් පැළඳවීම එහිදී සිදු කෙරිණි.
එමෙන්ම මෙම උත්සවයේ දී නයිටිංගේල් ප්‍රතිඥාව ලබාදීම, වෘත්තියේ ඇති පවිත්රත්වය, ප්‍රඥාව සහ රෝගීන්ගේ ජීවිත ආලෝකමත් කිරීමේ වගකීම නිරූපනය කරමින් පහන් දැල්වීම, ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනියගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම සහ පදක්කම් පිරිනැමීම ද සිදු කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කීවේ අද වන විට මෙරට සෞඛ්‍ය සේවාවෙි 45,000 ක් පමණ හෙද වෘත්තිකයින් සිටින බවයි.
2021 සිසු හෙද කණ්ඩායමට අමතරව රත්නපුර හෙද විදුහලේ 2020 සිසු හෙද කණ්ඩායමේ 164 දෙනෙක් 2022 සිසු හෙද කණ්ඩායමේ 164 ක් මෙන්ම වාට්ටු කළමණාකරණ සහ අධීක්ෂණ පාඨමාලාවේ 24 දෙනෙක් මේවන විට අධ්‍යයන කටයුතු වල නිරතව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd