(ප්රින්ස් රත්නායක)
රත්නපුර ඇඹිලිපිටිය ප්රධාන මාර්ගයේ තිරිවානාකැටිය ප්රදේශයේ මාර්ගයේ වම්පස කොටස ගිලා බැස තිබේ.
මාර්ගයේ වම්පස කොටස ගිලා බැසීම හේතුවෙන් වාහන ගමනාගමනය එක මං තීරුවකට පමණක් සීමා කර ඇති අතර යකඩ පාලමක් යොදා තාවකාලික විකල්ප පිවිසුම් මාර්ගයක් මාර්ගයේ දකුණු පසින් ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
අධික වර්ෂාව හේතුවෙන් මෙම ගිලා බැසීම සිදුව ඇති අතර එම ප්රදේශයේ ගිලාබැස ඇති කොටසෙහි ජනයා ගමන්කිරීම අවහිර කිරීම සඳහා මාර්ග බාධක එක්කර තිබේ.
බදුල්ල හා ඇඹිලිපිටිය දෙසට පොදු මාර්ගයක් ලෙස පවතින මෙම ප්රධාන මාර්ගයේ මෙසේ එක් මං තීරුවක් අවහිර වීම නිසා ජනතාවට අපහසුතා රැසකට මුහුණ පෑමට සිදුව ඇත.
මාර්ගයේ ලිස්සනසුළු ස්වභාවය හේතුවෙන් මාර්ග බාධක යොදා ඇති බැවිත් අනතුරු අවම කරගැනීමට රියදුරන් නිසි අවධානයෙන් යුතුව රිය පැදවිය යුතු බවට පොලීසිය අවවාද කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් හදන්නන් වලේ හැදුවා මිසක් නිසි ප්රමිතියට නැතුව හදපු පාරවල් නේ.මේවා 2015 පෙර හදපු පාරවල් කොමිස් මුදල සාක්කුවට යන්න ඇති.
පාර ගිලා බැහැල තාවකාලික මාර්ගයත් හැදුවට පස්සෙද දැක්කෙ. අදම ගියොත් ටිකක් උඩට වෙන්න තියෙන අවුරුදු එකහමාරකට කලින් කැඩිච්ච ටික ගැනත් හොයාගන්න පුලුවන්.