
(අජිත්ලාල් ශාන්තඋදය)
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි රත්නපුර ප‍්‍රාදේශීය සභාවේ 2022 අයවැයට විරුද්ධව එහි උප සභාපතිවරයා ඇතුලූ පාලක පක්ෂයේ සභිකයන් පස් දෙනකු ද ඡන්දය ප‍්‍රකාශ කිරිම හේතුවෙන් අයවැය පරාජයට පත්විය.
රත්නපුර ප‍්‍රාදේශීය සභාවේ මුලූ සභික සංඛ්‍යාව 36කි. පාලක ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සභිකධූර 18ක් ද, එක්සත් ජාතික පක්‍ෂයට සභිකධුර 12ක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභිතධූර 05ක් ද, ජනතා විමුක්ති පෙරමුණට සභිකධූර 01ක් හිමිව පවතී.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික රත්න කනේගල්ල මහතා ඡන්ද විමසන අවස්ථාවේ සභාවේ නොසිටියේය. අයවැයට පක්‍ෂව ඡන්ද 17ක් ද විපක්‍ෂව ඡන්ද 18ක් ද ලැබුණි.
ඒ අනුව අයවැය එක් ඡන්දයකින් පරාජයට පත්විය.
රත්නපුර ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුගත් දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම සභාකාර්යාලයේදී අයවැය ඡන්ද විමසීම පැවැත්විණි.
මෙදින ඡන්ද විමසීම සඳහා සබරගමු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් නම් කරන ලද නියෝජිතයන් තිදෙනෙක් ද පැමිණ සිටියහ.
එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයෝ දොළොස් දෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණේ සභිකයා සහ පාලක ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයෝ පස් දෙනෙක් අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළහ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයෝ දොළොස් දෙනෙක සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ සභිකයෝ පස්දෙනා අයවැයට පක්‍ෂව ඡන්දය දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය වැය පරදින්න එක හේතුවක් සභාපතිවරුන් හිතු මනාපෙට වැඩ කිරීම... අනෙක පුද්ගලික තරහ පිරිමහන්න...