(නිමල් ජයරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් සහ තවත් කිහිපදෙනෙකු නැගෙනහිර පූනාහි පිහිටි ෂරියා විශ්වවිද්‍යාලය අද (11) නිරීක්ෂණය කිරීමට පැමිණියහ.
එහිදී ආරක්ෂක අංශවලින් බාධා එල්ල වීමත් සමඟ උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.
අතුරුලියේ රතන හිමියන් ඇතුළු පිරිසට විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල විනාඩි 45 ක් පමණ කාලයක් රැඳී සිටීමට සිදුවූ අතර එහි ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් ඊට ඇතුල්වීමට ඉඩ ලබා නොදුන්හ.
එම ස්ථානයට පැමිණි වාලච්චේන සහකාර පොලිස් අධිකාරීවරයා පැවැසුවේ විශ්ව විද්‍යාලයට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙසට පාලන අධිකාරිය වාලච්චේන පොලිසියට පැමිණිලි කර ඇති බවයි.
රතන හිමි සමඟ පැමිණි පිරිස විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කිරීමට පමණක් ආරක්ෂක අංශ මගින් අවසර ඉල්ලා සිටියහ.
ආරක්ෂක අංශ එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ රතන හිමියන් සමඟ පැමිණි නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභා නායක ප්‍රියන්ත පතිරණ මහතා සමඟ කිහිපදෙනෙක් විශ්වවිද්‍යාල භූමියට බලහත්කාරයෙන් ඇතුල්වීමට උත්සහ දැරූහ.
ඒ මොහොතේ එම ස්ථානයට වැඩම කළ ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිස ආරක්ෂක අංශ සමඟ උණුසුම් කතාබහක් ද ඇතිවිය.
පසුව ආරක්ෂ අංශ හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලාට පමණක් විශ්වවිද්‍යාල භූමිය නිරීක්ෂණය කිරීමට ආරක්ෂක අංශ අවසර ලබා දුන්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩේ කියන්නෙ ආරක්ෂක හමුදාව දාගෙන රකින එකයි. මෙහෙම ගියාම අපට ගහන්න බෝම්බ හදන තැන්වලටත් හමුදා ආරක්ෂාව දායි
ත්‍රිවිධ හමුදාවට අන්තවාදීන් ආරක්ෂා කිරීමට සිදුවීම ගැන දුකයි.
ලංකාවේ ඕනෙම විශ්ව විද්‍යාලයකට ඕනෙම ලංකාවේ පුරවැසියෙක්ට යන්න අවසර තියෙනවා. කොළඹ, රුහුණ, පේරාදෙණිය.. ඔය ඕනෙම විශ්ව විද්‍යාලයක ඕනෑම කෙනෙක්ට යන්න නිදහස තියෙනවා.. ඒ වගේම රටේ සම්මත මූලික සුදුසුකම් සම්පූර්ණ කරලා නම් තියෙන්නේ ඕනෑම පුරවසියෙක්ට ඒවායේ අධ්‍යාපනය කරන්න පුළුවන්. ජාතිය හෝ තමන් අදහන අාගම අනුව විශ්වවිද්‍යාල වලට ඇතුළත් වීමේ සුදුසුකම් වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ මඩකලපුව විශ්වවිද්‍යාලයේ එහෙම නෙමෙයි. බෞද්ධයන්ට, කතෝලිකයන්ට ඒවාට ඇතුළත් වෙන්න බැහැ. සිංහල වීම නිසාම ඔවුන්ට යන්න බැරි විශ්ව විද්‍යාල සහ යන්න බැරි හෝ ජීවත්වෙන්න බැරි පළාත් ලංකාවේ ප්‍රායෝගිකව තියෙනවා.. එතකොට අසාධාරණය වෙලා තියෙන්නේ කාටද?
හාමුදුරුවනේ ඔය වැඩේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට භාර දීලා, විශ්ව විද්‍යාල නීතිරීති අනුව කටයුතු කිරීම සඳහා ඉඩ අරින්න. තරුණ තරුණියන් පිරිසක් එකතු කරගෙන රට පිරිසිදු කිරීමේ කටයුත්තක යෙදෙන්න.
අධ්‍යාපන දෙපාරතමෙන්තුවට විශ්වවිද්‍යාලවල තිබෙන නවක වාදය වත් නවත්වා ගන්න බැරිකොට මේ වගේ අන්තවාදී විශ්වවිද්‍යාල වලින් පතුරවන අන්තවාදය නවත්වන්නේ කොහොමද. අනික මේක දෙපාර්තමේන්තුවට අයිති නැති පුද්ගලික ආයතනයක්.
මාර වැඩක්නේ. මම හිතන්නේ මේක අවූරුදු ගණන් හදන්න නැතිව ඇති. කවූරුත් දන්නේ නැතිව. සති දෙක තුනකින් පැලවෙන්න ඇති. නැත්නම් දැන් දුවයිද මෙච්චර සේනාවක් අරගෙන.
හාමුදුරුවනේ ඔබ වහන්සේ එක පාරක් රට ගිනි තින්න හැදුවා. කරුණාකර දේශපාලනයෙන් ඉවත් වී බුදු දහමට සේවයක් කරන්න
පාර්ලිමේන්තුවෙන්, කැබිනට් එකෙන් කරන්න ඕනේ දේවල් සාමාන්‍ය ජනතාවට බාරදෙන මේ වගේ ආණ්ඩු රටට මොකටද . කෝ අර මංගල කියන කෙනා, හිස්බුල්ලාගේ කතාව අහල ඇඳ යට ද ?
මේ වෙලාවේ හැටියට හාමුදුරුවරු ඕක බලන්න යාම එතරම්ම හොඳ දෙයක් හැටියට මම නම් දකින්නේ නැහැ .ඒවා පිලිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා හමුදාව බලා ගන්න ඕනේ හාමුදුරුවන්ට තියෙන්නේ රටේ තත්වය පිලිබඳ තරුණ පරම්පරාව ගම මට්ටමින් දැනුවත් කරලා වැඩ පිළිවෙලක් හදන එකයි.
බාල බොලද ලාමක දේශපාලන ක්‍රියා තුලින් රට අවුලෙන් අවුලට පත්කිරීම හා තමන්ගේ නැතිවූ ජනප්‍රියතාවය නැවත ලබාගැනීමට කරන අනුවන ක්‍රියාවක් !
හාමුදුරුවනේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න එපා. ලක්වැසියෝ ඔබ වහන්සේගේ ගැන දන්නවා.
විද්‍යා පොඩ්ඩක් කට වහගෙන පැත්තකට වෙන්න. ප්රචන්ඩත්වය අපිත් අනුමත කරන්නේ නෑ. ඒත් ඔය කියන එකකින්වත් සාධාරණ අපක්ෂපාති නීරණයක් ගන්නේ නෑ ඒකයි සමාජබලවේග වලට මෙහෙම ක්‍රියාත්මක වෙන්න වෙන්නේ. අනික මේ තරම් වහගෙන කරන්න මොනවද මේවයේ තියන හොර වැඩ. විශ්වවද්‍යාලයක් මේ තරම් වහං කරන් ආරකෂා කරන්න මොකක්ද තියන හේතුව. අනික කාටවත් යන්න දෙන්න එපා කියල පොලිසියෙන් ඉල්ලපුවාම ඒ ඇයි කියලවත් අහන්න තරම් ආරක්ෂක අංශවලට නිදහසක් හෝ හයියක් නැද්ද. ඒ තරම් මේ අය බලවත්ද.
ඕකට යන්න දෙනකන් උපවාසයක් පටන්ගමු හාමුදුරුවනේ
ඔය බලන්න දීල තියෙන්නේ දැන් රාජපක්ෂ මැතිතුමාගේ නම කියලා සාදුකාරයක් දීලා එලියට වඩින්න.