(චමිල් රූපසිංහ)
මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් තත්වයේ පවතින බවත් හෙට දිනයේදී රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය නිරීක්ෂණය කර රෝහලෙන් නිදහස් කිරීමට හැකි බවත් මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.
ඉල්ලිම් හතරක් ඉල්ලා දින හතරක් පුරා උපවාසයේ යෙදුණු රතන හිමියන් මහනුවර මහ රෝහලට ඊයේ (03) ඇතුළත් කළ පසු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ප්‍රතිකාර ලබා දුන් බවත් රතන හිමියන් දින කිහිපයක් ආහාර ගෙන නොතිබූ බැවින් විජලන තත්වයක් ඇතිවී තිබු බවත් මේ වන විට එය සජලන තත්වයට පත්වී හිමියන් යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බවත් ඒ මහතා කීය.
මේ වන විට රතන හිමියන් දානය ලබා ගන්නා අතර හිමියන් මනා සෞඛ්‍ය තත්වයකින් පසුවුවත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් වෛද්‍ය කණ්ඩායම් සිටින බවත් වෛද්‍ය සම්න් රත්නායක මහතා පැවැසීය.
එලෙසම නිරාහාරව සිටි නිසා හිමියන්ට අධික තෙහෙට්ටුවක් ඇති වී ඇති අතර ඒ සඳහාද වෛද්‍යවරුන් මේ වන විට ප්‍රතිකාර ලබාදෙන බවද රතන හිමියන් ඉතාමත් නිරෝගී තත්වයට හෙට දිනයේදි පත් වුවහොත් ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය කණ්ඩායම් සමඟ සාකච්ඡා කර හෙට දිනයේදී රෝහලෙන් නිදහස් කිරීමට හැකිවන බවද වෛද්‍ය සමන් රත්නායක මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝබිත හිමිගේ අභීත නාමයටත් උඩින් යන්න කළ... උත්සාහයක් ලෙසයි රටේ බුද්ධිමත් සියල්ලෝම මෙය දකින්නේ..
මේවට කියන්නේ ඉල්ලන් කෑම කියලා... ඔහොම තමයි රාජපක්ෂලාගේ කොන්ත්‍රාත් කරන කොට...
බුදුසරණයි ...!!
ඉල්ලන් කාලා මුහුණ දෙන්න බැරිව හොර ලෙඩ දෝ මන්දා ...?
පක්ෂ භේදය හැම එකකටම ගාවගන්න එපා. මොන පක්ෂයේ වුණත් හාමුදුරුවෝ කලේ කෙරෙන්නට වුවමනාම දෙයක්. ඒකත් අවිහිංසාවාදීව.
හොඳ බෞද්ධයන් මේ දෙකයි පනහේ වැඩ පිළිකුල් කරති
හාමුදුරුවනේ කරුණා කරළ ටීවී එකේ යන ඥානසාර හාමුදුරුවන්ගේ අලුත්ම කතාව බලන්න එපා ආපහු ලෙඩ වැඩි වෙයි. ඔබ වහන්සේ කරපු කැප කිරීමත් එතන බාල්දුවට ලක් කරල තියෙන්නෙ.
ඉහත සමහර අදහස් වලින් පෙනේනේ ලංකාවේ බොහොමද දෙනෙක් අවදි වුනත් තවමත් නිදාගෙන සිටින දේපාලන වහලුන් සිටින බවයි.
අපේ සාසනේ විනාස කරන්න එපා
රත්න හාමුදුරුවො රඟපෑවෙ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය. කාදිනල් තුමා සහ ඥානසාර හිමි දෙදෙනා ගරු රඟපෑම්වල යෙදුනා. නිශ්පාදනය අධ්‍යක්ෂනය, පිටපත, තිර රචනය ලොකු ලොකු අයගේ. ඒගොල්ල තිරයෙන් පිටුපස. හැබැයි එතරම් ආදායම් වාර්තා නං තිබ්බෙ නැහැ.
මීට පස්සේ දළදා මාලිගා පුජා භුමියේ මේවගේ බාල වැඩ කරන්න එපා.
විමල් වීරවංශගේ දෙවන කොටස මේ...
බුද්ධාගම්කාර අපිටත්, රටටත් මහා ලැජ්ජාවක්..
මීට පස්සේ දළදා මාලිගා පූජා භුමියේ මේවගේ බාල වැඩ කරන්න තහනම් කරන්න. ඔය ගම්පහ කට්ටිය කරලා තියෙන්නේ ඒ වගේ...