(වියලුව වාර්තාකරු )
රතිඤ්ඤා කරලක් දැල්වීමට යෑමේ දී එය අතේ පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලැබූ අට හැවිරිදි දරුවෙකු අද (18) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල මොරහෙල ප්‍රදේශයේ දරුවෙකි.
අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙමාපියන් විසින් ගෙනැවිත් දුන් රතිඤ්ඤා කරලක් අතෙහි තබා දැල්වීමට යෑමේ දී එය පුපුරා යෑමෙන් අනතුර සිදුව ඇත. රතිඤ්ඤා කරල පුපුරා යෑමෙන් අතට හා ඔහුගේ මුහුණට තුවාල සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd