(ක.ග.කරුණාරත්න)
කොරෝනා වයිරසය හේතුවෙන් දිවයිනේ දැනට නම් කර ඇති අවදානම් රතු දිස්ත‍්‍රික්කවල සිට අත්‍යාවශ්‍ය සේවාවන්හි හැර වෙනත් වෙනත් කිසිදු පුද්ගලයෙකුට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට ඇතුලූවීම තාවකාලිකව තහනම් කිරීමට අද(23) තීරණය කළ බව පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ප‍්‍රකාශ කළේය.
අනෙකුත් දිස්ත‍්‍රික්කවල සිට මේ දිස්ත‍්‍රික්කයට පැමිණෙන අයද අනිවාර්යයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ සහතිකය මත පැමිණිය යුතුයැයි ඒ මහතා කීය.
උතුරු මැද පලාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ පැවැති දිස්ත‍්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුවේදී මෙම තීරණ ගත් බව දිස්ත‍්‍රික් ලේකම්වරයා කීය.
ඒ සම්බන්‍ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත‍්‍රික් ලේකම්වරයා මෙසේද කීය.
‘‘මේ කමිටුවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂතුමා විශේෂයෙන්ම පෙන්වා දෙනු ලැබුවා පිට දිස්ත‍්‍රික්කවල වැඩ කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ,පොලීසිය සහ අත්‍යාවශ්‍ය සේවා සපයන අය ඔවුන්ට නිවාඩු ලැබුණාම මේ දිස්ත‍්‍රික්කයට එනබව.නමුත් ඔවුනගේත්, අපේත් හැමෝගෙම ආරක්‍ෂාවට මේ තින්දුව ගමු කියලා රතු දිස්ත‍්‍රික්කවලින් පැමිණෙනවා නම් එය නවත්වන්නට.ඒ නිසා අපි ඔවුන් ගෙනුත් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා රතු දිස්ත‍්‍රික්කවල සිට මේ දිස්ත‍්‍රික්කයට එන්න එපා කියලා.ඒ වගේ අනෙක් දිස්ත‍්‍රික්කවල සිටත් එනවා නම් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ සහතිකය මත තමයි එන්න පුළුවන්.ඒ වගේම ගොවිතැන් කටයුුතු සඳහා පිට දිස්ත‍්‍රික්කවලින් කිසිම අයෙක් ගෙන්වා ගන්න එපා කියලා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ දිස්ත‍්‍රික්කයට ඇතුලූ වන ප‍්‍රධාන ස්ථාන කිහිපයක් හැර අනෙක් සියලූම තැන් වසා දමන්නට අපට සිදුවෙනවා.නැතිනම් මෙය පාලනය කරන්නට අපට බැරි වෙනවා. ඒ වගේම සැක සහිත දිස්ත්‍්‍රකකවලට යාම සම්බන්‍ධයෙන්ද අපි දැඩිව ඉන්නවා යැයිද දිස්ත‍්‍රික් ලේකම් වරයා ප‍්‍රකාශ කළේය.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රතු දිස්ත්‍රික්ක වලින් පොලොන්නරුවට පැමිණීම තහනම් කරයි
Buddika Thursday, 23 April 2020 12:13 PM
ඔය පොළොන්නරුව දිස්ත්‍රික් එක පහුගිය කාලේනම් අපිට එපාම වෙලා තිබ්බේ කලින් ජනාධිපති නිසා.
dasthaa Thursday, 23 April 2020 12:22 PM
මෙයට උද්ගතවූ විශේෂිත හේතුව මොකක්ද?
පහේ පන්තියේ කොල්ලෙක් Thursday, 23 April 2020 12:54 PM
අරමුදලේ ශේෂය පෙන්න පෙන්න මොන දෙයක් කරන්නද. ඕකෙන් ටෙස්ටින් කිට්ස් ඇතිතරම් ගේන්නේ නැතිව. මේක තියන් ඉන්නව ඇත්තේ ඡන්දෙ කාලෙට කොරෝන වෙනුවෙන් අවස්තා සදහා වියදම් කරන්න
Buddika Thursday, 23 April 2020 01:05 PM
කොවිඩ් කෙසේවෙතත් අරමුදලට නම් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි.
ධම්ම Thursday, 23 April 2020 02:37 PM
අර කොළඹ පිං ගෙදර හිටං එන අය කොහොමටවත් වැද්දගන්න එපා. කොරෝනා ඊට වැඩිය හොඳයි.
lalithm Thursday, 23 April 2020 06:41 PM
දින කීපයකට ඉස්සර ජනපති මාධ්‍ය ඒකකයෙන් ලොකු ප්‍රකාශයක් නිකුත් කලා ප්‍රාදේශීය වශයෙන් තීරණ ගෙන කලාප වසාදැමීමේ තීරණ ගන්න එපා කියල. මතක හැටියට බණ්ඩාරවෙල නගරය වස දැමීම නිසා. කෙලින්ම නොකිය පොළොන්නරුවේ මේ කරන්නේ එම දේම නේද? පළාත් ආණ්ඩුකාරය සහ දිසා ලේකම් තුමා ජනපතිතුමාට ඉහලින් තීරණ ගන්නවද?
Nihal Friday, 24 April 2020 05:15 AM
පොළොන්නරුවෙනුත් රතු දිස්ත්‍රික්කවලට එන්න එපා. මොකද දැන් කළුතර දිස්ත්‍රික්කයෙන් එහෙම අලුතෙන් වෛරස් එක ආසාධනය උනු අය හම්බුනේ නෑ.