(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

යුද්ධයේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන්ට රුපියල් කෝටියක් වටිනා විද්‍යුත් යතුරුපැදි 50 ක් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ප්‍රදානය කළේය.

මෙම යතුරුපැදි ප්‍රදානය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යංශ මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්විණි.

රණවිරු සේවා අධිකාරිය 74 වැනි ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් මෙම යතුරුපැදි ප්‍රදානය කළේය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර මහතාගේ අධීක්‍ෂණයෙන් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්වය නංවාලීම සඳහා රණවිරු සේවා අධිකාරිය ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය යටතේ මෙම යතුරුපැදි ප්‍රදානය සිදුකෙරිණි.