
(සුජිත් හේවාජුලිගේ )
රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත
ඒ සම්බන්ධයෙන් ඇය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලිපියක් යොමු කර ඇතැයි වාර්තාවේ.
රේණුකා ඒකනායක මහත්මිය හිටපු අමාත්‍යාංශ ලේකම්වරියකි. කිරි ගවයන් ආනයනය කිරීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද කැඳවනු ලැබුවාය. ඒකනායක මහත්මිය හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ බිරිඳ වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතා ගන්න බෑ, සමහර අය නීතියෙන් පිටවෙලා වැරදි දෙවල් කරන්නේ ඇයි කියලා. කිහිප දෙනෙක් ඇරෙන්න ගොඩක් නිළධාරීන් හොඳ ආත්ම ගරුත්වයක් තියෙනවා, නීතියට අනුව වැඩ කරන අය. එවැනි අය කීයටවත් දූෂිත දේශපාලුවොට අවශ්‍ය විදියට කටයුතු කරන්නෙ නෑ. නීතියට අනුව තමන්ට පැවරී ඇති රාජකාරිය හරියට කරනවා. එහෙම අයට මහජන ප්‍රසාදය සහ ආත්ම තෘප්තිය හැමදාම තියෙනවා.
ඒක හොද පූර්වාදර්ශයක් ! ප්‍රශ්න ගත දේවලට සම්බන්ධ නිළධාරීන් ස්වාධීන කොමිෂන් සභා වැනි ආයාතන වල තනතුර දැරීම නුසුදුසුයි !