(යොහාන් භාසුර)

රුසියානු සහ ප්‍රංශ ගුවන් සේවා දෙකක් ශ්‍රී ලංකාවට නැවතත් ගුවන් ගමන් ආරම්භ කරන බව සංචාරක අමාතයංශය පවසයි.

රුසියාවේ ප්‍රධානම ගුවන් සේවයක් වන ‘අසූර් එයාර්’ හෙට (3) සිට ද, ප්‍රංශ ජාතික ගුවන් සේවය වන ‘එයාර් ෆ්‍රාන්ස්’ ගුවන් සේවය අනිද්දා (4) සිට ද, ගුවන් ගමන් ආරම්භ කරන බවත් එම ගුවන් ගමන් සති පතා ක්‍රියාත්මක වන බවත් සංචාරක අමාත්‍යංශය සඳහන් කරයි.