ඉතාලිය, සයිප්‍රසය, ග්‍රීසිය සහ මෝල්ටාව යන රටවලට ශ්‍රී ලංකාවෙන් කරපිංචා රැගෙන නොඑන ලෙස ඉතාලියේ, සිසිලි හි කැටානියා නගරයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ශ්‍රී ලාංකික මගීන්ට දැනුම් දී තිබේ.
යුරෝපා සංගමයට අයත් ශාක සෞඛ්‍ය අන්තර්නිරෝධනය කිරීම දැනුම් දීමේ පද්ධතිය නිකුත් කරන ලද දැනුම් දීමක් අනුව එම තහනම පනවා ඇත.
හානිකර ඓන්ද්‍රික කොටස් අන්තර්ගත හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට අයත් රටවලට කරපිංචා රැගෙන ඒම තහනම් කිරීමට එම සංගමය තීරණය කර ඇතැයි කොන්සියුලර් කාර්යාලය දෙසැම්බර් 24 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
“නොවැම්බර් මාසයේදී යුරෝපා සංගමයට අයත් රටවල, විශේෂයෙන්ම ඉතාලි රේග-ුව ශ්‍රී ලාංකික මගීන්ගේ ගමන්මළුවල තිබී අවස්ථා කිහිපයකදීම කරපිංචා සොයාගෙන ඇත. විශේෂයෙන්ම ඉතාලියේ කැටානියා ගුවන් තොටුපොළ හරහා පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ ගමන්මළුවල තිබී කරපිංචා සොයාගෙන ඇත. නීතිරීතිවලට අනුකූල නොවෙමින් මෙලෙස කරපිංචා රැගෙන ඒම වැඩි වීම ශ්‍රී ලංකාව ඉතාලිය සහ යුරෝපා සංගමයේ අනෙකුත් රටවලට කරන ආහාර අපනයනවලට ඍණාත්මක බලපෑමක් එල්ල කළ හැකිය” යනුවෙන් එම නිවේදනයේ සඳහන්ව ඇත.
මේ අනුව කොන්සියුලර් කාර්යාලය ඉතාලිය, සයිප්‍රසය, ග්‍රීසිය සහ මෝල්ටාව යන රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවෙන් කරපිංචා රැගෙන නොඑන ලෙස උපදෙස් දී තිබේ.
මේ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පෞද්ගලික ගමන්මළු නිතර පරීක්ෂාවකට ලක් කරන බවත් උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කළහොත් රටින් පිටවීමේ ද තරමක දුෂ්කර අත්දැකීමට මුහුණ දීමට සිදුවනු ඇති බවත් කොන්සියුලර් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.
ඩේලිමිරර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපිංචා කියන්නේ ගංජා වලට සමාන ශාකයක්ද.?
මොකට ඔය මලජරාව යුරෝපෙට ගේනවද?
අපි කරපිංචා ඩිංගක් ගෙනිච්චම තමයි හැමෝගෙම නීති.
මෙහෙත් එක ඉත්තක් ඩොලර් එකක් වෙනවා. මාර ගණන් කරපිංචා
කරපිංචා ඇට අරගන ගිහින් හිටුවා ගත්තාම ඉවරයිනේ.
වෙන රටකට ගොස් ජිවත් වෙන විට, ඒ රටේ ඇති ආහාර අනුභව කිරීමට පුරුදු වුනානම් කිසි කෙනෙකුට කරදරයක් නැහැ.
අපේ මිනිස්සු තමන් ආස දේවල් ලංකාවේ සිට උස්සාගෙන එන්න කැමැත්තක් දැක්වුවත් නිෂ්පාදන වල ප්‍රමිතිය හා ගුණාත්මක බාවය රැකගන්න කාටවත් ඕනේ කමක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. අඩු වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවවත් මෙයට මැදිහත්වී රටින් පිට සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍යය රටින් පිටතට ගෙන යා හැකි සේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිපදවීමට උත්සාහ කරන්නේ නම් මැනවි.
කිරි හොද්දේ රස නොදන්නා මැක් ඩොනල් සංස්කෘතියෙන් කාපු අයට කොහෙද කරපිංචා වල අගයක්
ලංකාවේ කිසිම ෆිර්ම් එකක් නැහැ පිරිසිදුව මෙහෙ ඉන්න අයට අපේ රටේ බඩු විකුනන්න අදහස. එයාලට ඕනේ ඩොලර් හරි යුරෝ හරි හම්බ කරන්න විතරයි.