(අංජුල මහික වීරරත්න)
ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් හෙට (01) සියලුම ළමයින්ට හා අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට සත්වෝද්‍යාන වලට නොමිලේ ඇතුළු වීමට හැකි බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනය ද ඔක්තෝබර් 01දිනට යෙදී තිබේ.
මෙම දිනය සමරමින් පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වු වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලයේ ඇතුලු වී විනෝද වීමට අවස්ථාව සළසන්නැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
ඒ අනුව සියලුම සත්වෝද්‍යානවලට දරුවන්ට හා වැඩිහිටියන්ට නොමිලයේ ඇතුල් වීමට අවස්ථාව ලබා දීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.
එමෙන්ම මෙම සත්වෝද්‍යානවල දී දරුවන්ට සතුන් පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දීමට අධ්‍යාපනික වැඩ සටහන් රැසක් සංවිධානය කර ඇති අතර දරුවන්ට හා වැඩිහිටියන්ට විනෝද වීමට අවස්ථාව ලබා දෙමින් සතුන්ට ආහාර දීමට හා සතුන් සමග ඡායාරූප ගැනීමට ද අවස්ථාව සලසා දී ඇත.
සත්වෝද්‍යාන වෙත පැමිණෙන දරුවන්ට විස්කෝතු වර්ග හා අයිස්ක්‍රීම් නොමිලයේ ලබා දීමට ද අනුග්‍රාහක ආයතන රැසක් මෙවර ඉදිරිපත්ව සිටින බව ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට දියවන්නාවත් ඇරලද?
ඔය නොමිලේ ලබාදෙන විස්කෝතු සහ අයිස්ක්‍රීම්වල කල් ඉකුත්වීමේ දිනය ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් නිෂ්පාදන ආයතනවල කල් ඉකුත් වූ සහ කල් ඉකුත්වීමට ඉතා ආසන්න මෙවැනි ආහාරද්‍රව්‍ය ගොඩගැහිලා කියලා දැන ගැනීමට ලැබුණා.