(ඩයනා උදයංගනී)
ඉන්ධන අර්බුදය හේතුවෙන් රට පුරා රෝහල්වල ප්‍රතිකාර කටයුතු අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් සීමාවීමේ තත්වයක් උද්ගත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ඉන්ධන ලබාදීමේ නිසි ක්‍රමවේදයක් මෙම සතියේදීවත් ඇති නොකළහොත් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට නිසි ලෙස ප්‍රවාහන පහසුකම් නොලැබුණහොත් ශල්‍යකර්ම හා රෝහල් සායන පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් ඇතිවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ලංකාදීපයට පැවසීය.
එසේ වුවහොත් රෝහල්වල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක නොකරම වර්ජනයක තත්වය මතුවනු ඇතැයි හෙතෙම කීවේය.
ඉන්ධන අර්බුදය මෙන්ම ඖෂධ හිඟයක් ද රට තුළ පැවතීම හේතුවෙන් සෞඛ්‍ය සේවාව දැඩි ගැටලුකාරී තත්වයක පවතින බව ද හරිත අලුත්ගේ මහතා කීය.
උද්ගත වී ඇති ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව හා එහි ශාඛා සමිති 31 ක පමණ නියෝජිතයන් ඊයේ (26) රැස්වූ බවත්, සෞඛ්‍ය සේවාවට ප්‍රමුඛත්වය දී ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවුවහොත් රාජකාරී කටයුතු නිසි පරිදි කරන්නට නොහැකි වනු ඇතැයි එහිදී සාකච්ඡා කෙරුණු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
මෙම තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවී හෙට (28) සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රටපුරා රෝහල් අත්‍යාවශ්‍ය සේවාවලට සීමා වේ?