
(යොහාන් භාසුර)
රටපුරා අද පස්වරු 5.30 සිට රාත්රී 9.30 දක්වා පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්රකාශයෙක් කීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ප්රධානියෙක් පැවසුවේ මෙම විදුලිය විසන්ධි කිරීමට හේතුව කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්රයක් බිඳවැටීම සහ නොරෙච්චෝලේ විදුලි ජනන යන්ත්රයක් අලුත්වැඩියා කිරීම පමණක් නොවන බවත් කපුගස්කන්ද ඇතුළු විදුලිබලාගාර දෙකක් ක්රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම දැඩිව බලපා ඇති බවත්ය.
එම නිලධාරියා වැඩි දුරටත් පැවසුවේ මේ දිනවල පැයක් විදුලිය විසන්ධි කිරීම ඉදිරියේදී පැය කීපයක් දක්වා වැඩි විය හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම ජලාශ වාන් දමනවා. වෘත්තිය සමිති නායකයින් තමයි මේවා තීරණය කරන්නේ... ඉතින් රටක් ඉදිරියට යයිද?
කොහොමද යුදගනා විදුලි බලාගාරයයි නොරොච්චෝලේ විදුලි බලාගාරයයි ඉදිකර නොතිබ්බා නම්.. ජෙප්පොයි, ගොබ්බයොයි අහනවා රට ණය වුනේ මොකටද කියලා... ජෙප්පනී, පාදිලියන්ගෙන් අහපල්ලා සාම්පූර් විදුලි බලාගාරය හදන්න නොදුන්නේ ඇයි කියලා...