(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ මතය යැයි එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේදී ඊයේ (30) පැවැසීය.
මේ අතර මැතිවරණ විනිශ්චයාධිකරණයක් අලුතින් පිහිටුවිය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට යෝජනා කර ඇත.
දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එම විශේෂ කාරක සභාවේදී කරුණු දක්වමින් පැවැසීය.
සමහර දේශපාලන පක්ෂ යම් යම් දිස්ත්‍රික්කවලට පමණක් සීමාවී බවත් පක්ෂ ලියාපදිංචි කිරීමේ නිර්ණායකවලද ගැටලු මතුව ඇති බවත් හෙතෙම එහිදී කීවේය.
දේශපාලන පක්ෂ ජාතික වශයෙන් පිළිගත්, ලියාපදිංචි සහ ප්‍රාදේශීය පක්ෂ ලෙස වර්ගීකරණය කර ඒවා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතු බවටද නිමල් පුංචිහේවා මහතා කාරක සභාවට යෝජනා කළේය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (29)රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා වැඩි කැමැත්තෙන් පත්වන නියෝජිතයාට සිය කැමැත්ත අනුව පක්ෂ මාරු කිරීමට ඉඩ නොතැබිය යුතුයි. එය ප්රජාතන්ත්රවාදයට පටහැනි වේ...
මැතිවරණයකදී සමස්ත රටම සඳහා එකම පවුලෙන් ඉදිරිපත් විය හැකි අපේක්ෂකයින් ගණන 1 කටද, සමස්ත පාර්ලිමේන්තුව සඳහාම පත්විය හැකි ගණන 2 කටද සීමාවිය යුතුයි. පවුල ලෙස සලකන්නේ සහෝදර සහෝදරයින්, කලත්‍රයා, පුතා, දුව හෝ මුනුබුරු මිනිබිරියන්...
පසුගිය වසර 25 ක් විතරම අම්බලන්ගොඩට මන්ත්‍රීවරයෙක් නැහැ. හැබැයි අම්බලන්ගොඩ උපන් මැතිවරණ කොමසාරිස් කෙනෙකුත් හිටියා. දැන් නම් අම්බලන්ගොඩ උපන් කෙනෙක් මන්ත්‍රී කෙනෙක් වෙලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ වුණාට එයා අපේ නොවෙයි, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී... හැබැයි අම්බලන්ගොඩට කරපු දෙයක් නැහැ... පැලවෙන මුල් ගල් කිහිපයක්ම තියලා තියෙනවා... එකක් තානායමේ... එ්කෙන් ගසා කාපු ගාන කෝටි සියයක් විතර... පාසල්වල තියපු මුල්ගල් දැන් වසර 20 ක් විතර පැලවෙනවා. තවත් අම්බලන්ගොඩ නගරයේ තියපු මුල්ගල් කිහිපයක්ම පැලවෙනවා. මට පුදුමේ ලැජ්ජ නැතිකම... ඉතිං දැන්වත් අර පැරණි විදියට අපේ ගමට මන්ත්‍රී කෙනෙක් පත්කර ගන්න විදියක් සලස්වනවා නම් හොඳයි. එහෙම නැතිව මේ ක්‍රමයෙන් නම් අපේ ගමට වැඩක් වෙන්නේ නැහැ. අපේ ඡන්ද වලින් ගොඩගියේ රිචඩ් පතිරණ, දොඩන්ගොඩ වගේ දේශපාලකයින්. අපිට කරපු බම්බුවක් නැහැ. ලොකුම දේ තමයි කම්කරු රස්සාවල් දීපු එක. ඒක ඡන්ද ගුණ්ඩුවක් වුණාට රජයට ලොකු බරක්. නමුත් ගමේ කිසිම දියුණුවක් නැහැ. නගර දේපල සොරා ගනිද්දී අපිට කියන්න කෙනෙක් නැහැ. ඉන් දේශපාලකයොත් ඒ හොරකම් වලට හවුල්... ඉතිං මේ ගැන හිතලා අම්බලන්ගොඩට වෙනම මන්ත්‍රීවරයෙක් ලබාදෙනවා නම්, දෙන කෙනාටත් පිනක් තමයි...
කෙනෙකුට තමා උපන් දිස්ත්‍රික්කයෙන් තමා පදිංචි දිස්ත්‍රික්කයෙන් බැහැරව මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවශ්‍යතාව නොදිය යුතුයි.. උදා- දකුණේ ඉපදී කොළඹ පදිංචි අයෙක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉල්ලීම, කොළඹ ඉපදී කොළඹ පදිංචි අයෙක් රත්නපුරයට (කොලොන්නට) ඉදිරිපත් වීම තහනම් කළ යුතුයි.. එසේම ඉදිරිපත් කළ අදහසත් අනිවාර්ය කළයුතු අතර එකම පවුලේ (අක්කා, නංගි, අයියලා, මල්ලිලා) පක්ෂ දෙකකින් ඉදිරිපත් වීම හෝ නැත්නම් අඹුසැමියන්ට පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනයකට ඉදිරිපත් වීම හෝ ග්‍රාම නිලධාරින් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට හෝ පවුල් වල ළඟම නෑයින්ට මැතිවරණය සඳහා ඉදිරිපත් වීම තහනම් කළ යුතුයි.
මේ කියන අදහස් ඔය කියන කමිටුවට යන්නේද? සලකා බලන්නේද? ඉතා හොඳ තුලනාත්මක යෝජනා තිබෙනවා
පැරණිම ක්‍රමයට යන්න. එතකොට ජෙප්පෝ ඇතුළු ඔය සොච්චම් දේශපාලකයෝ අතුගෑවිලා යාවි.