(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රටේ සෞඛ්‍ය පද්ධතිය සහ රෝහල් පද්ධතිය බරපතළ අවදානමකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ හේතුවෙන් කොරෝනා රෝගීන් ඇතුළු බොහෝ රෝගීන් දැඩි පීඩනයකට සහ අසීරු තාවයකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන මගින් යාපනය ශික්ෂණ රෝහලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමට කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී එක්වෙමිනි.
නපුරු ඉරණමක අවදානම පෙනි පෙනීත් ආණ්ඩුව වගකීම් විරහිත ලෙස හැසිරෙන බවත් විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිසුන් මේ භාර දූර අවස්ථාවේ දේශපාලනය නොකර , ආණ්ඩුව පෙරළන්න උත්සහාය නොකර එකා මෙන් රට බේරා ගැනීමේ අරමුණේ ඉන්නවනම් ! අහෝ ! අපේ රටේ වුන් කවදා එහෙම හිතයිද ?
දැන්වත් පිල් වලට බෙදිලා ජඩ දේශපාලනය කරන්නේ නැතිව මහත්වරු වගේ ලංකා මාතාව මේ උවදුරින් ගලවා ගැනීමට එක්වෙමු .සියලු පක්ෂ ,ආගම් ,ජාතීන් මේ වෙලාවේ එක වුනොත් ජාතියේම මළගම වැඩි දුර නැත
මුලු ලෝකෙම ඔයාලා හිටියා නම් ලේසියෙන්ම ගිහින්...
එහෙම වෙන්න ඕනෑ නිසාද මේ වෙනකල් කට පියන් හිටියේ..?
මෙයා ලබන සතියේ ස්ට්‍රයික් කරනවා. ඊළඟට පොකුරු මතු වුණාම ලොරි ටෝක් දෙනවා...
වගකීමක් නැතිව වැඩ කරන්නේ ආණ්ඩුවද , විපක්ෂයද කියලා සජිත් මහත්තයෝ කල්පනා කරලා බලන්න .ඔබතුමාට කොන්දක් තියෙනවනම් මේ උද්ඝෝෂකයන්ට මේවා මේ වෙලාවේ නතර කරන්න කියලා කියන්න පුලුවන්ද ?
එන්නත ගන්න අන්තිමයා ලෙස රඟපෑවාට... මරණ බය සියල්ල උඩු යටිකුරු කෙරුවාට... 88/89 මැරුණු අය නිතරම වටේටම... එනමුත් කඳුළු පිරිලා පුරවැසි දුක ගැන බොරුවටම...
ඇමෙරිකා, යුරෝපය වගේම.. ඉන්දියාවේ තත්වයට පත් නොවේවා..!!!