(නිමල කොඩිතුවක්කු)
නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කර රට විවෘත කළත් පෞද්ගලික බස් රථ වලින් ධාවනය කළ හැක්කේ 25% ක පමණ තරම් ප්‍රමාණයක් පමණක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
විශාල බස්රථ රථ ප්‍රමාණයක් අලුත්වැඩියා කිරීමට සිදුවීමත්, ඇතැම් බස් රථ හිමියන්ට ඉන්ධන ලබා ගැනීමට වත් මුදල් නොමැතිවීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයිද විජේරත්න මහතා සදහන් කළේය.
ඒ අනුව විසි දහසක් පමණ වන පෞද්ගලික බස් රථ වලින් ධාවනය වනු ඇත්තේ 5000 කටත් අඩු බස්රථ ප්‍රමාණයක් බවත් ඔහු පැවසීය.
බස් රථ හිමියන් සහ බස් රථ සේවකයන් රජයෙන් කඩිනම් සහනයක් අපේක්ෂා කරන බවත් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මේ ඕයි නොදකින් ගැමුණු" තමුසෙම පිලිගන්නවා නේද මේ බස් ඔක්කොම දිරච්ච දර සෑයවල් කියල. හොද බස් 25% නම් අනිත් පතෝල මැසිවලට පන දෙන්න ඕනේ මහජනතාවද ? එසේ පන දෙනවානම් දෙන්න ඕනේ විනීත බස් සේවයකට. ඒ නිසා මිනිසුන්ට තමුසෙලව තව තවත් එපා නොකර ගෙන නම්බුකාරව ගෙවල් වලට වෙලා ඉන්නවා.මොකටද අතින් කාල බූරුවෝ බලන්නේ...