(ටී.කේ.ජී.කපිල)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී, එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී, යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 249 දෙනෙකු අද (10) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා පැවසීය.
ශ්‍රී ලංකා රජය විසින් මේ ආකාරයට විදේශ ගත වී, යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙසේ ගෙන්වා ගෙන තිබිණි.
මෙම පිරිස අද (10) දින අලුයම 5.25 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1510 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අතර වැඩි දෙනෙකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන් සිටියහ .
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දශක 07ක කාලය පුරාවටම ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගිය හැටි මේකෙන්ම පේනවා නේද? හද පියවූ රටේ ශ්‍රම බලකායක්, වෘත්තීය දැනුමක් තියෙන හා තාක්ෂණික දැනුමක් තියෙන අය. රටේ කාන්තා ශ්‍රම බලකාය වහල්භාවයට යවලා හම්බකරන හා කන දේශපාලනඥයින්... ඔයාලා ලැජ්ජා වෙන්න ඕනෑ..
රටේ ජන ඝනත්වයට සාපේක්ෂව ලංකාවේ වනාන්තර වැඩියි. ළූණු ගෙඩියේ ඉඳන් ගේන්නේ පිටරටින්. මිනිස්සුන්ට වගාවක් කරන් ජීවත් වෙන්න බෑ. කඳුකර කැලෑ වැඩිකරගෙන වියළි කලාපයේ කැලෑ වගාවන්ට යොදා නොගත්තොත් අපි හැමෝටම වෙන්නේ අනික් රටවල වහල් සේවා කරන්න.